මානව හිමිකම් සුරැකීම පිළිබඳ ශ්‍රී ලංකාවෙන් ප්‍රගතියක් - හියුමන් රයිට්ස් වොච්

මානව හිමිකම් සුරැකීම පිළිබඳ ශ්‍රී ලංකාවෙන් ප්‍රගතියක් - හියුමන් රයිට්ස් වොච්
මානව හිම්කම් උල්ලංඝනයවීම් පිළිබඳව විමර්ශනය කිරීමට හා අසාධාරණයට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට මෙන්ම යුද ගැටම්වලට මැදිවූවන්ට සාධාරණය ඉටුකිරීම සඳහා රජය 2015 වසරේ මානව හිමිකම් කවුන්සිලයේදී එකඟ වූ බව හියුමන් රයිට්ස් වොච් කියා සිටී. ඒ අනුව 2017 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
 
හියුමන් රයිට්ස් වොච් සංවිධානය මෙම වසර මුලදී නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ. පිටු 643 කින් සමන්විත මෙම වාර්තාවේ රටවල් 90 කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු ඇතුළත් කර තිබේ.
 
කෙසේ වෙතත් 2015 දී එකඟ වූ කරුණු සම්පූර්ණ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට තවත් විශාල වැඩ කොටසක් ඉතිරිව තිබෙන බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්තාවෙන් අවධාරණය කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment