පස්වරු හතරෙන් පසුවත් රෝහල්වල අක්ෂි ශල්‍යකර්ම.


අක්ෂි සැත්කම් පොරොත්තු ලේඛනය අවම කිරීම සඳහා පස්වරු 04.00න් පසුව රෝහල් තුළ ශල්‍යකර්ම සිදු කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දිවයින පුරා ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සහ අක්ෂි කාච සැත්කම් සඳහා රෝගීන් ලක්ෂ 12ක සංඛ්‍යාවක් සිටින බවට වෛද්‍යවරුන් විසින් අනාවරණය කර ඇති බවයි.

කෙසේවුවද රජය විසින් මේ වනවිට නොමිලේ අක්ෂි කාච 80,000ක් රෝහල් වෙත ලබා දී සැත්කම් සිදු කර ඇති බව පෙන්වා දෙන අමාත්‍යාංශය, 2018 වර්ෂයේදී නොමිලේ අක්ෂි කාච ලබාදීම 150,000ක් දක්වා වැඩි කර ඇති බවද සඳහන් කර සිටියි.

අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටින්නේ පසුගිය අයවැය හරහා සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කරන ලද රුපියල් බිලියන 235ක මුදලට අමතරව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් රුපියල් බිලියන 100ක පමණ පිරිවැයක් දරමින් දිවයින පුරා සෞඛ්‍ය සේවාවන් සිදු කිරීමට නියමිත බවයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment