ඒඅනුව: Polite(ආචාරශීලී භාවය),Obedient(අවනත භාවය ), Loyal (නීතිගරුක භාවය), Intelligent (බුද්ධිමත් භාවය), Courageous (ධෛර්යසම්පන්නභාවය), Efficient (කාර්යක්ෂම භාවය) යනු ඒවා ය.
රට තුළ දරුණු ගණයේ අපරාධවල නිරත වී සිටින පාතාල ලෝකයට සම්බන්ධ අපරාධකරුවන් අපරාධ සිදු කිරීමෙන් පසු රටින් පැන යාමත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ ආශ්රිත වැඩ කටයුතු විදේශයන්හි සිට මෙහෙයවීමත් පිලිබඳ තොරතුරු පසුගිය කාලය පුරාවටම අපට අසන්නට ලැබිණි. මේ පිලිබඳ ශ්‍රී ලංකා පොලිසිය නිතර ම කියා සිටින්නේ ජාත්‍යන්තර පොලිසිය හරහා මෙහෙයුමක් සිදු කර හෝ මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි. මෙවන් අවස්ථාවල දී මොකක්ද මේ ජාත්‍යන්තර පොලිසිය යන ප්රශ්නය මෙරට සාමාන්‍ය ජනතාව තුල පැන නගින්නේ නිතතින්ම ය. මෙම ලිපිය ඒ වෙනුවෙනි.
ඉතිහාසයෙන් බිඳක්
ජාත්‍යන්තර පොලිසිය ස්ථාපනය වීම වසර 1923 දී සිදු වූ අතර එවක එය හැඳින්වූයේ අන්තර්ජාතික අපරාධ පොලිස් සංවිධානය (International Criminal Police Organization) යනුවෙනි. එමඟින් යවනු ලබන විදුලි පණිවුඩ (telegrams) වල වැඩි වශයෙන් ඉන්ටර්පොල් (Interpol) යන්න අන්තර්ගත වීම හේතු කොට ගෙන වසර 1956 සිට අද දක්වා ම ඉන්ටර්පොල් යන නාමය ජාත්‍යන්තර පොලිසිය සඳහා ජනප්‍රිය නාමය ලෙස භාවිත වේ. ජාත්‍යන්තර පොලිසිය ප්‍රංශයේ ලියෝන්ස් නගරය මූලස්ථානය කරගෙන ක්‍රියාත්මක වන අතර එය සැලකෙනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හැරුණු විට ලොව ඇති විශාලතම ජාත්‍යන්තර සංවිධානය වශයෙනි. වසර 2017වන විට එහි මුලු සාමාජික රටවල් ගණන 192ක් විය.
ජාත්‍යන්තර පොලිසියේ කාර්යය වනුයේ දිනෙන් දින ඉහල යන අන්තර්දේශ භූමික අපරාධ මර්දනය කිරීම සඳහා විවිධ රටවල පොලිස් අංශ විසින් සිදුකරන ඒකාබද්ධ මෙහෙයුම් වලට අවශ්‍ය සහයෝගය ලබා දීමයි. මේ සඳහා එහි සෑම සාමාජික රටක ම ජාත්‍යන්තර පොලිසියේ කාර්යාලයක් පිහිටා ඇති අතර එය හඳුන්වනුයේ ජාතික මධ්‍ය ඒකකය (National Central Bureau) යනුවෙනි. එම එක් එක් කාර්යාලය මඟින් විවිධ දරුණු ගණයේඅපරාධ පිළිබඳ අවශ්‍ය තොරතුරු තම තම රටවල් අතර හුවමාරු කරගන්නා අතර ඒ සඳහාඉතා ඉහළ තාක්ෂණ විධි ක්‍රම ද භාවිතා කරයි. මීට අමතරව අන්තර්ජාතික අපරාධවල නව ප්රවණතා පිලිබඳ අධ්‍යයනය කරමින් ඒවා මර්දනය කිරීමට අවශ්‍ය නූතන විධි ක්‍රම හඳුනා ගැනීම හා එම සාර්ථක පරිචයන් රටවල් අතර බෙදා හදා ගැනීමට සැලැස්වීම ද ජාත්‍යන්තර පොලිසියේ කාර්යයන් අතර වේ.
දේශපාලනිකව අපක්ෂපාතී වූ ආයතනයක්
දේශපාලනික වශයෙන් අපක්ෂපාතී වීම ජාත්‍යන්තර පොලිසිය වෙතින් නිරන්තරයෙන් ම අපේක්ෂා කරන්නකි. ඒ නිසා ම අඩු ම වශයෙන් එක් රටක වත් ඉල්ලීමක් නොමැතිව කිසිඳු අපරාධයක් විසඳීමට ජාත්‍යන්තර පොලිසිය මැදිහත්වන්නේ නැත. එමෙන් ම සෑම ආකාරයක ම අපරාධ පිළිබඳ පැමිණිලි සඳහා ජාත්‍යන්තර පොලිසිය මැදිහත් නොවන අතර එය ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය, මුදල් විශුද්ධිකරණය හෙවත් කලු සල්ලි ජාවාරම, මත් ද්‍රව්‍ය නිෂ්පාදනය සහ වෙළඳාම, මිනිස් ජාවාරම්, ළමා අසභ්‍ය චිත්‍රපටි රූප ගත කිරීම සහ බෙදාහැරීම ආදී දේශ සීමා ඉක්මවා යන ස්වභාවයේ අපරාධයන් සඳහා පමණි.
ජාත්‍යන්තර පොලිස් සේවයට බඳවා ගැනීම
ජාත්‍යන්තර පොලිසියෙහි ප්‍රධාන කාර්යාලයේ සේවය කිරීම සඳහා පලපුරුදු පොලිස් නිලධාරීන් සහ සිවිල් සේවකයන් අන්තර්ජාතිකව සිදුකරන කැඳවීම් මඟින් බඳවා ගනී. අවශ්‍ය නිලධාරීන් එහි සාමාජික රටවල් විසින් වරින් වර තම දේශීය පොලිස් දෙපාර්තමේන්තු වෙතින් මුදා හරින අතර මෙහි ඇති තවත් එක් අරමුණක් වන්නේ එම නිලධාරීන්ට අවශ්‍ය කරන අන්තර්ජාතික දැනුම හා පුහුණුව ලබා ගැනීමට සුදුසු වටපිටාවක් ඒ ඔස්සේ නිර්මාණය කිරීමයි. මීට අමතරව ජාත්‍යන්තර පොලිසියෙහි සේවය කිරීමට සිවිල් වැසියන්ට ද අවස්ථාව ඇති අතර මුදල්, මානව සම්පත් කලමනාකරණ මෙන් ම නීතිය යන අභ්‍යන්තර දෙපාර්තමේන්තු තුළ මේ සඳහා ඉඩ ප්‍රස්ථාවන් පවතී. ඒඅනුව ජාත්‍යන්තර පොලිසියෙහි ප්‍රධාන කාර්යාලය සහ එහි ප්‍රාදේශීය කාර්යාලවලසේවය කිරීම සඳහා ඉංග්‍රීසි, අරාබි, ප්‍රංශ, සහ ස්පාඤ්ඤ යන භාෂා අතරින් එක් භාෂාවක වත් භාෂා ප්‍රවීණත්වය ලබා තිබීම අත්‍යවශ්‍ය වන අතර දැනට එහි සේවය කරනු ලබන සමස්ථ නිලධාරීන් සංඛ්‍යාව 650ක් පමණ වේ.
අයි 24/7 ජාලය
ඔබ ඇතැම් ත්‍රාසජනක චිත්‍රපට නරඹන අතර පොලිස් නිලධාරීන් විසින් අපරාධ කරුවෙකුගේ ඇඟිලි සලකුණු ඔස්සේ ඔහුව ලුහුබඳින ආකාරයත්, යම් ජාත්‍යන්තර පරිගණක ජාලයක් භාවිත කර අදාල අපරාධකරු විදේශයකට පැන ගොස් ඇති බව හඳුනාගන්නා ආකාරයත් පිළිබඳ ජවනිකා ඕනෑ තරම් දැක තිබීමට පුලුවන. එසේ එක් රටක සිටින පුද්ගලයන් පිළිබඳ තවත් රටක පොලිසිය විසින් තොරතුරු දැනගන්නේ කෙසේදැයි ඔබට කුතුහලයක් ඇති වුනා ද? එසේ වී නම් ඊට ඇති සරල ම පිළිතුර වන්නේ අයි24⁄7ජාලය(I-24/7 network) යන්නයි. මෙය ජාත්‍යන්තර පොලිසියෙහි
ඇති අතිශය ආරක්ෂිත තොරතුරු පද්ධතිය වන අතර එ මගින් එහි සෑම සාමාජික රටකට ම අයත් අපරාද තොරතුරු පද්ධති ජාල ගත කිරීමක් සිදු කරනු ලබයි. සරලව ම කියන්නේ නම් එය එක් එක් රටවල පොලිසිවලට පමණක් සම්බන්ධ විය හැකි පුද්ගලික අන්තර්ජාලයක් (private internet) ලෙස දැක්විය හැකි ය.
ජාත්‍යන්තර රතු නිවේදන සහ අනෙකුත් දැනුම්දීම්
යම් රටකට වෙනත් සාමාජික රටකින් තමන්ට අත්‍යාවශ්‍ය අපරාධකරුවෙක් පිලිබඳ විස්තර මෙන් ම අපරාධ සැලසුමක් පිලිබඳ තොරතුරු ලබාගැනීමට අවශ්‍යව ඇති විට අන්තර්ජාතික පොලිසිය වෙත නිළ වශයෙන් සිදු කරන ඉල්ලීමක් හරහා එය සිදු කර වා ගත හැකි ය. එහි දී අදාල ඉල්ලීම අන්තර්ජාතික පොලිසියේ ව්‍යවස්ථාවට හෝ අන්තර්ජාතික නීතියේ පිළිගත් මූලධර්මවලට පටහැනි නොවේ නම් අන්තර්ජාතික පොලිසිය සිය වෙබ් අඩවිය මඟින් නිළ වශයෙන් අදාල රටවල් වෙත නිවේදනය කරනු ලබයි. මෙම නිවේදන (alerts) අත්අඩංගුවට ගැනීමට නියමිත අපරාධකරුගේ ස්වභාවය, දැනුම් දීමට නියමිත අපරාධයේ ස්වරූපය වැනි කරුණු ගණනාවක් මත පහත පරිදි වර්ග වේ.
ජාත්‍යන්තර රතු නිවේදන (International Red Notices)
තමන්ට අත්‍යවශ්‍ය අපරාධ කරුවෙකු අත්අඩංගුවට ගැනීමට අෙනක් රටවල සහයෝගය අත්‍යාවශ්‍ය අවස්ථාවලදී සෑම රටක් ම පාහේ මෙවැනි රතු නිවේදන නිකුත් කරනු ලබයි. ලොව බොහෝ රටවල් රතු නිවේදන සලකනු ලබන්නේ යම් පුද්ගලයෙකු තාවකාලිකව අත්අඩංගුවට ගැනීමට තවත් රටක් විසින් කරනු ලබන නීත්‍යානුකූල ඉල්ලීමක් වශයෙණි. රතු නිවේදනයක් ජාත්‍යන්තර නීතිය අනුව නීත්‍යානුකූල වීමට නම් එය අපරාධකරු අයත් රටෙහි පිළිගත් අදිකරණයක් විසින් නිකුත් කරන ලද “අදිකරණ නියෝගයක් (court order)” හෝ “අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් (arrest warrant)” මත පදනම් විය යුතු ය. පසු ගිය වසරේ දී ලංකා ප්‍රධාන වෙබ් අඩිවයක කතෘවරයෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදනයක් නිකුත් කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වන්නේ ද එම ඉල්ලීම නිසි අධිකරණ නියෝගයක් මත පදනම් නොවීම හේතුවෙණි.
රතු නිවේදන නිකුත් කිරීම මඟින් අපේක්ෂා කරන්නේ විදේශයකට පැන ගොස් සිටින සහ සිය රට වෙත උදර්පණය කරවාගෙන නඩු ඇසීමට තරම් භයානක අපරාධවල නිරත වී සිටින අපරාධකරුවන් පිලිබඳ අනෙකුත් සාමාජික රටවල් දැනුවත් කිරීමයි. යම් පුද්ගලයෙකු එවැනි රතු නිවේදනයක් මත පිහිටා සිය මවු රටවල් වෙත උදර්පණය කිරීමට අනෙකුත් රටවලට හැකියාව පවතී. මෙසේ ජාත්‍යන්තර රතු නිවේදන ලෝක මට්ටමින් භාවිත කළ අවස්ථාවන්ට උදාහරණ ලෙස යුගොස්ලෝවියාව සහ රුවන්ඩාව තුළ සිදු වූ මානව සංහාරයන් සඳහා වගකිව යුත්තන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කිරීම පෙන්වා දිය හැකි ය.
ජාත්‍යන්තර නිල් නිවේදන (International Blue Notices)
මෙවැනි නිවේදනයක් නිකුත් කරනු ලබන්නේ යම් අපරාද විමර්ෂණයක් සිදුකරෙගන යාම සඳහා අවශ්‍ය වන පුද්ගලෙයකු දැනට ජීවත්ව සිටින ස්ථානය නිශ්චය කොට හඳුනා ගැනීම පිණිස ය.
ජාත්‍යන්තර කොල නිවේදන (International Green Notices)
යම් රටක මහජන සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් සිදු කිරීමට හැකියාවක් ඇති තැනැත්තන් පිළිබඳ තොරතුරු අන්තර්ජාතික වශෙයන් දැනුම් දීමේ අරමුණින් මෙවැනි නිවේදන නිකුත් කරනු ලබයි.
මීට අමතරව, අතුරුදහන් වූවන් පිළිබඳ නිකුත් කරන නිවේදන හෙවත් කහ නිවේදන (Yellow notices), හඳුනා නොගත් මළ සිරුරු පිළිබඳ නිවේදන සහ විමසා බැලීම් (Black notices), මෙන් ම මහජනතාවගේ ජීවිත සහ දේපලවලට හානි විය හැකි අන්දමේ අපරාධ සැලසුම් සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවිධ රටවලට කෙරෙන අනතුරු හැඟවීම් (Orange Notices) ද වැදගත් වේ. තව ද, එක්සත්ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්බාධක පමුනුවන ලද පුද්ගලයන් හෝ සංවිධානවලට එරෙහිව දම් නිවේදන (Purple notices) නිකුත් කරන අතර ෙමවැනි නිවේදන බහුලව යොදා ගනු ලබන්නේ ආරක්ෂක මණ්ඩලය විසින් පනවනු ලබන මූල්‍ය, විදෙස් ගමන් සහ අවි ආයුධ ප්‍රවාහනයට එරෙහි සම්බාධක වඩාත් සාර්ථක කර ගැනීම පිණිස ය.
ඒ අනුව තාක්ෂණයේ දියුණුවත් සමඟ දිනෙන් දින ජාත්‍යන්තරකරණයට ලක්වන අපරාධ මර්ධනය කිරීම පිණිස ශිෂ්ඨ සම්පන්න ලෝකය විසින් තබන ලද තවත් එක් සාර්ථක පියවරක් ෙලස අන්තර්ජාතික පොලිසිය ස්ථාපනය කිරීම ෙපන්වා දිය හැකි ය. එසේ වුවත් ලෝකය තුළ සැබෑ ම සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට නම් දේශ සීමා ඉක්මවන අපරාධ ප්‍රවර්දනය පිනිස විවිධ රාජ්‍යයන් විසින් නොනිළ මට්ටමින් සිදු කරන උදවු උපකාර නැවැත්වීම ද අනිවාර්ය අවශ්‍යතාවයකි.
නීතීඥ ඩී. සුපුන් රශින්ද ජයවර්ධන
0 comments :
Post a Comment