ETI Finance Ltd සහ Swarnamahal Financial Services PLC වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුව යටතට

ETI Finance Ltd සහ Swarnamahal Financial Services PLC වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුව යටතට

මේ අනුව, 

1. මෙම සමාගම් දෙක සඳහා මහ බැංකුව විසින් කළමනාකරණ මණ්ඩලයක් පත් කරනු ඇත.

2. කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කෙරෙන අතර, එවැනි තැන්පතු තවත් මාස 06 ක කාලයක් සඳහා නැවත අලුත් කරනු ලැබේ.

3. තැන්පතු සඳහා ලැබිය යුතු පොලිය, තැන්පත්කරුවන් එකඟ වී ඇති කොන්දේසි අනුව ගෙවනු ලැබේ.

ජනවාරි 1 වැනිදා මහබැංකුව විසින් ඉහත මූල්‍ය සමාගම් ද්විත්වයේ දුර්වල මූල්‍ය ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර තැන්පත්කරුවන්ගේ සහ ණයකරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ගන්නා පියවර වශයෙන් මෙසේ නියාමනය කළ බව ද මහබැංකුව ප්‍රකාශ කරයි.

කෙසේ නමුත් මෙම නියාමන රෙගුලාසි පනවා තිබෙන්නේ 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ තාවකාලික පදනමක් යටතේ බව ද මහබැංකුව දන්වා සිටියි.

මෙම නියාමනය ක්‍රියාත්මක වන අතරවාරයේ මෙම සමාගම් ද්විත්වයට සුදුසු ආයෝජකයන් සොයාගැනීමට කල් ලැබෙන අතර, ඒ සඳහා අදාළ නීති සහ රෙගුලාසි අනුව සිය සහයෝගය ලබාදීමට ද මහබැංකුව කටයුතු කරයි.

මෙම සමාගම් දෙකෙහි සුරක්ෂිතතාවය සඳහා මහ බැංකුව විසින් ගනු ලබන පියවර පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් හෝ කරුණු දැන ගැනීමක් අවශ්‍ය නම් පහත දුරකථන මාර්ග ඔස්සේ බැංකු නොවන මූල්‍ය ආයතන නියාමන දෙපාර්තමේන්තුව හරහා මහබැංකුව ඇමතිය හැකිය.

එම දුරකථන මාර්ග වන්නේ, 011 2477258 සහ 011 2477229.

මෙයට අදාළ මාධ්‍ය නිවේනය, මහ බැංකුවේ  බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ නිකුත් කර තිබිණි.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment