බැඳුම්කර වාර්තාව හෙළිකරන්න! - අනුර RTI හරහා ඉල්ලයි.


මහ බැංකු බැඳුම්කර පිළිබඳ විමර්ශනය කෙරුණු ජනපති කොමිසමේ වාර්තාවේ සියලු අඩංගු සියළු තොරතුරු වහාම ජනතාවට හෙළිදරව් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අවධාරණය කරයි.

එසේ තොරතුරු ඉදිරිපත් නොකරන්නේ නම් හෙට (2දා) තොරතුරු දැනගැනීමේ පනත හරහා ඒ වෙනුවෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව මන්ත්‍රිවරයා පැවැසීය.

දිසානායක මහතා පැවැසුවේ බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හරහා මේ වන විට වාර්තා 17ක් ඉදිරිපත් කර ඇති නමුත් ඉන් එකදු වාර්තාවක් හෝ ජනතාවට ඉදිරිපත් කර නොමැති බවත් එය බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ වාර්තාවටත් සිදු නොකළ යුතු බවත්ය.

මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම ගනුදෙනුවේ තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට පවතින බැවින් වහාම එය ඔවුන් අතරට පත් කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment