"අද දවසේ දේශප්‍රේමීත්වය කියන්නේ මූල්‍ය විනයක් පවත්වා ගැනීමයි" - නිදහස් උළෙලේදී ජනාධිපති කියයි

ඒ සඳහා උගතුන්, බුද්ධිමතුන්, ඇතුළු විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් හා ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් සාමූහික ප්‍රයත්නයක් තුළ සියලු දෙනා වගකීම් ඉටු කරමින් රට ගොඩනගා ගැනීමට ප්‍රධාන අභියෝගයක්ව ඇති දුෂණය, අල්ලස වළක්වා ගැනීම සඳහා සියලු දෙනාම පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනගා ගතයුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. 
 
මේ අතර ජාතිවාදී අදහස්වලින් තොරව ජාතික සමඟිය, සංහිඳියාව ඇතිකර ජීවත්වීමේ නිදහස සහතික කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය. සිංහල, දෙමළ, බර්ගර්, මැලේ යන සියලු ජන කොටස්වල භාෂාමය, සංස්කෘතිකමය ආදී වශයෙන් වන සහජීවනය තුළ ජාතික සමඟිය ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. 
 
දුෂණ විරෝධී මතවාදයක් රට තුළ ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දැක්වීය.
 
"දුෂණ විරෝධය කියන්නේ රටක ආත්ම ආරක්ෂාවයි. සංවර්ධිත රටක් සුභවාදී අනාගතයක් වෙනුවෙන් දුෂණ විරෝධී මතයක් ගොඩනැගිය යුතු වනවා. ආර්ථික නිදහස ඇතිකර ගැනීම සඳහා එය අත්‍යාවශ්‍ය කාරණයක්. දුෂණය, නාස්තිය,අල්ලස පිටුදැකීම ජාතියේ අනාගතයට බලපාන කාරණයක්. දේශපාලඥයින් එම ආදර්ශය ලබා දීම යුගයේ කාර්යයක්."
 
එමෙන්ම ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන සංවර්ධනයේ මාවතට පිවිසිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය. විශේෂයෙන් අද දවසේ ආර්ථික අභියෝගයක්ව පවතින දුගී බව තුරන් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් යටතේ ප්‍රබුද්ධව හා කාර්යක්ෂමව මැදිහත්වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා සිය කතාවේදී අවධාරණය කළේය. 
 
ජාතියේ අනාගතය ශක්තිමත් වන්නේ උගතුන් වැඩි වන තරමට බව පැවසූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ  ඒ වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණ රැසක් කිරීමට බලාපොරොත්තු වන බවයි. 
 
"නව තාක්ෂණ ලෝකයේ ප්‍රවණතාවන් ගැන කතා කිරීමේදී නවෝත්පාදන හා හරිත ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා. එම මූලධර්ම මත පිහිටා කටයුතු කිරීම අවශ්‍යයි. නිපුණතා සංවර්ධනය මෙන්ම වෘත්තීය හැකියාවන් පිළිබඳවද ප්‍රමුඛතාව ලබා දියයුතු වෙනවා. මේ සඳහා අප සියලු දෙනාම කාර්යක්ෂමව ක්‍රියා කළ යුතුයි."
 
තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මිනිසාගේ නිදහස් මෙන්ම ගහ කොළ සතා සිවුපාවාගේ නිදහසද සහතික කළ යුතු බවයි. සෑම විටම ඒ පිළිබඳවත් අවබෝධ කරගත යුතු බව හෙතෙම කියා සිටියේය. එමෙන්ම ලොව දියුණු රටවල් සමඟ කටයුතු කිරීමේදී ස්වදේශික ප්‍රාර්ථනා , බලාපොරොත්තු, අරමුණු පිළිබඳවද අවධානය යොමු කරමින් ස්වදේශිකත්වය ආරක්ෂා වන පරිදි ක්‍රියා කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
දීර්ඝ කාලයක් LTTE ත්‍රස්තවාදය සමඟ ගැටෙමින් යුධ,නාවික,ගුවන්,පොලිස් හා සිවිල් ආරක්ෂක බලකාය කරන ලද මෙහෙවර සිහිපත්කිරිමටද  ජනාධිපතිවරයා කටයුතු කළේය. එම ඉතා අසීරු කාලය තුළ වගකීමෙන් කටයුතු කළ රාජ්‍ය, පෞද්ගලික හා පොදු ජනතාව වෙනුවෙන් සිය උත්තමාචාරය පිදීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය. 
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment