ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට වන්දි ගෙවීමට මිලියන 4055 ක් වෙන් කෙරේ




Golden Key Credit Card සමාගමේ ආරක්ෂක තැන්පතු ගිණුම් හිමියන්ට ලබාදීම සඳහා, කැබිනට් මණ්ඩලය විසින් රුපියල් මිලියන 4055.1 මුදලක් වෙන්කර නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා
වේ.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන


මැතිතුමාගේ ජනාධිපතිවරණයේ මැතිවරණ පොරොන්දුවක් අනුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මෙලෙස මුදල් නැවත ලබාදීම සිදුවෙයි. මින් ඉහත මිලියන 2 දක්වා තැන්පත් කළ අයට නැවත මුදල් ගෙවීම සිදු කළ අතර මෙවර  මිලියන දෙකේ සිට මිලියන දහය දක්වා තැන්පත් කළ තැන්පත්කරුවන්ට මුදල් ලබාදීම සිදු කරන්නට නියමිතය.
ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම, සෙලින්කෝ සමූහ සමාගමක් වන, අතර 2008 දී රුපියල් බිලියන 78 කට ඇස්තමේන්තු පාරිභෝගික වගකීම්  ද්‍රවශීලතා ගැටලුවකට මුහුණ දුනි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment