දිගු කලකට පසු උතුරට මහ වැසි (PHOTOS)

දිගු කලකට පසු උතුරට මහ වැසි (PHOTOS)

මධ්‍යම බෙංගාල බොක්කේ පැවති ගුඹුරු පීඩන අවපාතය හේතුවෙන් මේ දිනවල උතුරු ප්‍රදේශයට මාස 6කට පමණ පසු සැලකිය යුතු වර්ෂාවක් ඇදහැලෙමින් පවතී.

කෙසේවෙතත් මෙවර උතුරු ප්‍රදේශයට ලැබිය යුතු මෝසම් වර්ෂාව නියමිත කාලයට නොලැබීම හේතුවෙන් හේන් ගොවීන්, කෘෂිකාර්මික කටයුතු වල නිරත වන ගොවීන් මෙන්ම කුඹුරු ගොවිතැනෙහි නිරතවන්නන් ද මහත් අසීරුතාවයකට පත්විය.

මෙවර මහකන්නයේ ලැබිය යුතු වර්ෂාව නොලැබීමත්, වැව් වල ජලය හිඳීමත් හේතුවෙන් එය උග්‍ර ජය ගැටළුවක් විය. 

මෙලෙස වැසි ලැබුණද තම ගොවිතැන සඳහා ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබේද යන්න පිළිබඳව උතුරේ ගොවීන් තුළ බියක් හටගෙන තිබේ.

සෑම වසරකම ඔක්තෝම්බර් මස මුල් කාලය වනවිට මහ වැසි කිහිපයක් ඇදහැලීමත් සමඟ හේන් ගොවිතැන ආරම්භ කරන උතුරේ ගොවීන් තම කුඹුරුවල කැකුලන් ක්‍රමයට පැළ සිටුවීම ආරම්භ කිරීමට සැරසෙන අතර මේ වනතුරුත් ඒ සියල්ල ආරම්භ කිරීමට නොහැකි වී ඇත්තේ වර්ෂාව නොමැති වීම නිසාවෙනි.

මේ වනවිට ලැබෙන වර්ෂාව ඉදිරියටත් ලැබී සිඳී ඇති උතුරේ වැව් පිරී ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදාවේවා යන්න උතුරේ ගොවීන්ගේ එකම බලාපොරොත්තුව වී ඇත.

ඡායාරූප පහතින්

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment