"එජාපය හැර ගියොත් බෙල්ල මිරිකනවා"


ජාතික ආණ්ඩුව වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහි වෙනත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු සහාය ලබා දුන්නොත් තමන් එම පිරිසගේ බෙලි මිරිකන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදී පසුගිය පාලන සමය යළි ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු පාවා දෙනවා නම් ඔවුන්ට ජනතාවගෙන් කිසිදු සමාවක් නොලැබෙන බවද හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා පෙන්වා දෙයි. 

ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටු වීම සඳහා තමාටද කිහිප දෙනකු ආරාධනා කළ බවත් තමා එම ආරාධනය ප්‍රතික්ෂේප කළ බවත් ප්‍රකාශ කළ විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ කිසිපදෙනකු එසේ යන බවට පැතිර යන ආරංචි ගැන තමා දැඩි අවධානයකින් පසුවන බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment