ගෝත්‍රික මත පරදා නවීන ලොව ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අරමුණයි - මංගල සමරවීර

ගෝත්‍රික මත පරදා නවීන ලොව ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අරමුණයි - මංගල සමරවීර

රටක් දියුණුවට පත් වීම යනු තරුණ පරපුර අධ්‍යාපනය අතින් ඉදිරියට ගමන් කිරීම බව හෙතෙම පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ සිසු නේවාසිකාගාරය විවෘත කිරීම සහ නව සිවු මහල් පංති කාමර ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (26) එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

‘‘කෘෂිකාර්මික, කාර්මික, තාක්ෂණික විප්ලව ගැන අපි අහල තියෙනවා. දැන් කතා කරන්නෙ ඩිජිටල් විප්ලවය ගැන. ඊට සරිලන තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන යුගයක් අප ඉදිරියේ තියෙන්නේ. 2030 වෙනකොට ගණකාධිකාරීවරුන්ගේ කටයුතු සම්පූර්ණයෙන්ම තාක්ෂණය විසින් භාර ගන්නවා. 2025 වෙද්දි රියදුරන් නැති වාහන බිහිවෙන ලක්ෂණ පහළ වෙලා තියෙනවා.

2014 අයවැයන් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරල තිබුණෙ රුපියල් බිලියන 196කට ටිකක් අඩුවෙන්. 2018 අයවැයෙන් අපි අධ්‍යාපන වෙනුවෙන් රුපියල් බිලියන 333ක් විතර වෙන් කරල තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අපි කටයුතු කරන්නේ ඒ ආකාරයට.

මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳින්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.“ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

mangala 01

mangala 02

mangala 03

mangala 04

mangala 05

mangala 06

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment