තිස්ස නැවතත් එජාප මහලේකම් තනතුරට?

තිස්ස නැවතත් එජාප මහලේකම් තනතුරට?

ඒ අනුව සඳහන් වන්නේ ඔහුට නැවත මහලේකම් ධුරය භාර ගන්නා ලෙසට මෙලෙස ආරාධනා කර ඇති බවය. කරු ජයසූරිය මහතා මේ වන විටත් තිස්ස අත්තනායක මහතාට මහලේකම් ධුරය භාර ගන්න ලෙසට කිහිප වරකදීම ආරාධනා කර ඇත.

පක්ෂයට එකතු වීමට දිගටම ආරාධනා ලැබෙන බව සඳහන් කරන තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පවසන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකුම තමන්ට නැවත පක්ෂයට පැමිණ මහ ලේකම් ධුරය ලබාගන්නා ලෙස අවස්ථා ගණනකදී ආරාධනා කළ බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් තමන් තවම ගෙන නැති බවත්ය.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේදී ලැබූ බරපතල පසුබෑම යළි කනපිට හැරවීමට නම් සමස්ත පක්ෂයේ ව්‍යුහයේම පූර්ණ ප්‍රතිසංවිධානය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. එමෙන්ම පක්ෂය මේ වන විට ජනතාව වෙතින් ඈතට ගොස් තිබෙන බවත් පසුගිය සමය පුරා පක්ෂය කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂය කොළඹට පමණක් සීමාවූ පක්ෂයක් පත්ව ඇති බවත් අත්තනායක මහතා පවසයි.

එමෙන්ම එජාප පාක්ෂිකයන් වීම නිසාම දේශපාලන පලිගැනීම්වලට ලක්වූ ක්‍රියාකාරීන් රැසක් සිටින බවත් එජාප රජය බිහිවී වසර තුනක් ගතවුවත් එවන් පිරිසට කිසිදු සාධාරණයක් සිදු නොවූ බවද පවසන ඔහු තවදුරටත් පවසන්නේ පක්ෂ නායකයින් බිම් මට්ටමේ සාමාජිකයන්ගෙන් ඈතට ගිය බවය.

AshWaru Colombo

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment