ආසනය හෝදගෙන ගිය, කුජීතම ඇමති කුට්ටම.


පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්ව පසුව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් අමාත්‍ය ධූර ලබාගත් පස්දෙනෙකුට මෙවර පළාත් පාලන මැතිවරණයේදී සිය ආසනය හෝ රැක ගැනීමට නොහැකි වී තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ප්‍රාදේශය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පානදුර ආසන සංවිධායක වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ, හේවා හැට සංවිධායක සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක, හක්මන ආසන සංවිධායක ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන හා බිබිල ආසන සංවිධායක වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා යන අමාත්‍යවරුන්ය.

ඊට අමතරව, එසේ ජාතික ලයිස්තුවෙන් පැමිණ නියෝජ්‍ය කථානායක ධූරය දරමින් මෙවර ශ්‍රීලනිපයේ මැතිවරණයේ ප්‍රධාන සංවිධායකයා වූ ශ්‍රීලනිප බොරැල්ල ආසන සංවිධායක තිලංග සුමතිපාල මහතාද සිය ආසනය පරාජයට පත්ව සිටී.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජනමතයක් නොමැතිවම පාර්ලිමේන්තුවේ මෙන්ම රජයේද තනතුරු දරන කණ්ඩායම මොවුන් බවයි.

එසේම, මොවුන් තුළින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු නොවන බවත්, එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් ඔවුන් කියා සිටී.

ෆොන්සේකාගේ ලයිස්තු මන්ත්‍රීකම ජනමතයේ විකෘතියක් !

ෆොන්සේකා මහතාට එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිව තිබුණ ද ඔහු 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තරගකරුනු ලැබුවේ ඔහු නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි.

එම පක්ෂයෙන් කොළඹට තරග කළ ඔහුට ගතහැකිවූයේ ඡන්ද 5,238 කි. එම පක්ෂය මුළු දිවයිනටම තරගකර ලබාගත්තේද ඡන්ද 28,587 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 0.26කි.

ඒ අනුව අදාළ මන්ත්‍රී ධූරය ජනමතය විකෘති කිරීමක් ලෙස දැක්විය හැකි යැයි දේශපාලන විචාරකයෝ කියති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment