පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ අපවත් වෙති


පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ 
අපවත් වෙති

ඊයේ (2) උදෑසන විහාරස්ථානයේ ඇතෙකු කළ පහරදීමක් නිසා බරපතල තුවාල ලැබූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ අද දහවල් අපවත්වූ බව සාතිශය සංවේගයෙන් යුතුව වාර්තා කරන්නට සිදුව තිබේ.
තුවාල ලද අවස්තාවේ කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණ උන් වහන්සේගේ ඉල ඇට බිඳී තිබුන අතර
වෛද්‍යවරුන්

සැත්කමක් නිර්සේශ කර තිබූ අතර ඒ සඳහා  කොළඹ ආසිරි සර්ජිකල් පුද්ගලික රෝහල වෙත මාරු කර යවන ලදි.  එම සැත්තම එහිදී  සිදු කළ නමුත් උන් වහන්සේගේ අසාධ්‍ය තත්වයෙන් මුදවාගන්නට බැරිව ගිය අතර අද (3) දහවල්  එම රෝහලේදී අපවත්වී වදාළහ.
අපවත්වනවිට 77 වන වියෙහි පසුවූ බෙල්ලන්විල විහාරාධිපති හිමිපාණන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කුලපති ලෙසද කටයුතු කරමින් සිටියහ.
පන්සලේ ගාල් කර තිබූ මියන්කුමාර නම් ඇතාට සියඹලා ආහාර ලබා දීමට යැමේදී ගල් වැලි සහිත ස්‌ථානයක ඇද වැටීමෙන් උන්වහන්සේ තුවාල ලබා තිබුනි. මුඛයට ආහාර දමන අවස්‌ථාවේ ඇතාගේ දළ වලට උන්වහන්සේ තල්ලුවී මෙම තුවාල ඇතිවූ බවද පැවසිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment