රෙදි ගැලවෙන ප්‍රජාතන්ත්‍රවාදය : මුලින්ම යා යුත්තේ කවුද?


රටේ මිනිසුන්ගේ බහුතර කැමැත්ත නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා නොවේද?? ඔහුට කැමැත්ත ඇත්තේ 14%කි. 

ඔහු දැන් අගමැති කිරිමට සැරසෙන්නේ පලාත් පාලන මැතිවරණයේදි 3 වැනි ස්ථානය හා පාර්ලිමේන්තු මැතිවරණයේ ජනතාව ප්‍රතික්ෂේප කරන ලද ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන්ය.

මේ උත්සහා කිරිමද ප්‍රජාතන්ත්‍රවාදයේ රෙදි ගැලවිමකි.

මෙහිදි පලාත් පාලන මැතිවරණයේ 44.65% ලබා ගත් මහින්දවත් පිහිටවන ආණ්ඩුවේ ඇමතිකම් නොගන්නේ නම් ඔවුන් ආණ්ඩුවේ නොවේ...

එම නිසා පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මත ආණ්ඩුව පිහිටනවා නොවේ.

එසේම පලාත් පාලන මැතිවරණයේ එජාපයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතුව 47% ඉක්මවා ඇත.එමඟින් ජාතික ආණ්ඩුවට බහුතරය ලබා දී ඇත.එම මතයද ඉක්මවා 14% ජනමතයක අගමැති කෙනෙක් පත් කීරිමට උත්සහා දරනවාම් එය රෙදි ගැලවෙන ප්‍රජාතන්ත්‍රවාදයකි. 

එම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාද විනාශ කර රට අපකිර්තියට පත් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින ප්‍රජාතන්ත්‍රවාදය ඕනැම කෙනෙකු එක්විය යුතු බොහො දුරට මහින්දද එක්විය හැක.

එසේ වුවහොත් 14% ඒකාධිපති රංඟනය පාර්ලිමේන්තු බහුතරයකින් දෝෂාභියෝගයකට ලක්විය හැක.

එම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගෙන යහාපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සුභ දායකය.

(D.C.Fernando)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment