කෙසේ වෙතත් මෙය පක්ෂයේ නිළ මතය නොවන බවයි ඇමතිවරයා සඳහන් කළේ. පක්ෂයේ නිළ මතය අප්‍රේල් 02 වැනිදා ප්‍රකාශ කරන බවත් විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මීට පෙර පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් යහපාලන ආණ්ඩුවේ අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවක් මගින් සකස් කළ වාර්තාවේ සඳහන් කරුණු 15 න් 13 ක් ම විශ්වාස භංග යෝජනාවේ සඳහන් බව පෙන්වා දුන් ඇමතිවරයා සඳහන් කළේ ඒ නිසා මෙයට කිසිසේත් විරුද්ධ වීමට පක්ෂයට නොහැකි බවයි.
මාධ්‍ය හමුවේදී තවදුරටත් කරුණු දැක්වූ ඇමතිවරයා සඳහන් කළේ විශ්වාස භංගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර කිසිදු එකඟතාවයක් ඇති නොවූ බවයි. ඒ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඇමති රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී ඊයේ රාත්‍රී හමු වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති වූ එකඟතාවය සම්බන්ධයෙන් ලංකා නිවුස් වෙබ් අනාවරණය කර ඇත විවිධ පාර්ශ්වයන් එම පුවත අසත්‍යයක් බවට ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ රනිල් වික්‍රමසිංහ මහතා එම පුවත අසත්‍ය බවට හෝ ඔවුන් දෙදෙනා අතර හමුවක් නොපැවති බවට හෝ මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
0 comments :
Post a Comment