අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයන් සහභාගි වූ අතර එහිදී තීරණය කර ඇත්තේ විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ කටයුතු කළයුතු බවයි.
කෙසේ වෙතත් මීට පෙර එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ කිහිපයක නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී විශ්වාස භංගයට පෙර ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ අතර එම යෝජනාව ඉදිරිපත් කළේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසිනි. කෙසේ වෙතත් සෙසු නියෝජිතයන් ඒ සඳහා එකඟතාවය පළ නොකළ අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළයුතු බව ඔවුන්ගේ අදහස විය.
අද පැවති සාකච්ඡාවේදී විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී නොමැත.
අද රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද අගමැතිවරයා ආරක්ෂා කළයුතු බවට තීරණය කළේය. ඒ අනුව කුමන චෝදනා එල්ල වුවද කෙතරම් විරෝධතා එල්ල වුවද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැති තනතුර මෙන්ම පක්ෂ නායකත්වය ද තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
0 comments :
Post a Comment