ඒ අනුව විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය එළඹෙන 02 වැනිදා පැහැදිලි කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ඉදිරි වසර එකහමාරක පමණ කාලය තුළ ජනතා සිතුම් පැතුම් ඉටුවන අකාරයෙන් කටයුතු කිටීම සංහා යාන්ත්‍රණයක් සකස් කර ගත යුතු බවලක්ෂමන යාපා අබේවර්ධන මහතා පැවසුවේ.
එක්සත් ජාතික පක්ෂයේ අර්බුද පැමිණි සෑම අවස්ථාවකදීම කමිටු හා නායකත්ව මණ්ඩල පත් කරන බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ අදාළ ප්රශ්නය අවසන් වූ සැණින් එම කමිටුද අවසන් වන අතර එය පක්ෂයේ දුර්වලතාවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
මේ අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති නමුත් එහි නියෝජනය වන්නේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉතා සුළු පිරිසක් වන අතර පාර්ලිමේන්තුවේ 225ක් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment