විශාල වියදමක් දරා ව්‍යාපාරිකයන්ද සහභාගි කරවාගෙන කරන මෙවන් වැඩසටහන් මගින් ඔබ කරන්නේ මහ පාප කර්මයකි. මෙවන් දේවල්වලට වියදම් කරන මුදල්වලින් අනාත නිවාසයකට, ළමා නිවාසයකට දානයක් දෙන්න පුළුවන්නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම පින. එසේ නැත්තම් දුෂ්කර පළාත්වල තිබෙන පන්සලකට දානයක් ලබා දෙන්න.
ඔබ තේරුම් ගන්න අපිට පිනක් ලබා ගන්න නම් බොරු දේවල් නොකර සත්‍ය දෙයක් කරන්න.
පහතින් ඇති සංවාදය කියවා සත්‍ය තේරුම් ගන්න
ප්‍රියන්ත - අයියේ මොකද මේ පලතුරු පූජා, ආහාර පූජා කියන්නේ ඒකෙන් තියෙන්නේ පුදුම පිනක් නේ අයියේ
ජෙහාන් - ඒක තමයි බන් අපේ උන් ධර්මයේ මුලටම තියන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිධ්ඨියෙම්ම වරද්දගත්ත තැන
ප්‍රියන්ත - ඒ කිව්වේ අයියේ අපේ උන් එක එක පූජා කරන්නේ මාරම භක්තියකින්නේ
ජෙහාන් - භක්තිය ඔය පලතුරු, වස්ත්‍රාභරණ, ආහාර පූජා කරන වුන්ගෙන් අහපන් ගෙදර ඉන්න අම්මා තාත්තාට අඳින්න ඇඳුම් කීයක් අරන් දුන්නද, කන්න බොන්න පලතුරු කොච්චර කොච්චර ගිහින් දීලා තියනවද කියලා
ප්‍රියන්ත - ඉතින් අයියේ පින වැඩි චෙත්‍ය, පිලිම, ධාතුවලට පුද සත්කාර කරාම නේ එතකොටනේ ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ හිතේ
ජෙහාන් - රෙද්ද ! ගෙදර ඉන්න අම්මාට තාත්තාට ආච්චිට සීයා පුතේ, දුවේ පොඩ්ඩක් මේක කරල දියන් කිව්වාම පුපුරන උන් පන්සලකට දේවාලෙකට ගිහින් මැටියෙන් සිමෙන්තියෙන් හදපු චෙත්‍ය, පිලිම දැකලා ශ්‍රද්ධාවක් එනවද යකෝ උන් ගන්නේ ඒ වෙලාවට පොඩි ආතල් එකක්
ප්‍රියන්ත - ආතල් එකක් කිව්වේ
ජෙහාන් - වැඩිය ඕන නෑ බලපන් වාහනයක් ගත්ත ගමන් මුලිම්ම යන්නේ අපේ උන් කතරගම, ගිහින් උන් වාහනේ එක වාරිකේකට වැඩියෙන් වියදම් කරන්නේ දේවාලෙකට. ඔච්චර ශ්‍රද්ධාව නම් ඒ වෙලාවටත් මුන් යන්න එපැයි පන්සලකට. හැබැයි උන්ම බලපන් දේවාලේට දහස් ගානක් පුදලා එතනින් කිරිවෙහෙරට යනකොට මලක් ගන්න මල් පහම සීයයි කිව්වාම උන් ඇඹරෙන ඇඹරිල්ල මලක් ගන්න. උන්ට ඕන වෙනම ආතල් එකක් බන් උන් ආතල් එක ගන්නේ පින කියන එක පස්සේ ගිහින්. නැතුව බුදුරජාණන්වහන්සේගේ ධර්මය අනුගමනය කරලා නෙවෙයි.
0 comments :
Post a Comment