“පිංකම්පොළ’’ කාව්‍ය ග්‍රන්ථය පිළිබඳ මෙහිදී මූලික අදහස් දැක්වීම සිදු කළේ කපිල එම්. ගමගේ විසිනි. “ඊළඟට තනාගත් ලෝකය’’ කෙටිකතා සංග්‍රහය පිළිබඳ අදහස් දැක්වීම සිදුකලේ ආචාර්ය සුරේන් රාඝවන් ය. අනතුරුව සහෘද සංවාදයක් සඳහා ඉඩ විවෘත විය. කමල් පෙරේරා, තිඹිරියාගම බණ්ඩාර, අනුරසිරි හෙට්ටිගේ, දේ. වි. ගාල්ලගේ ආදී ලේඛකයෝ සිය අදහස් දැක්වීම සිදුකළෝය. සදුන් ප්‍රියංකර විතානගේ සභාව මෙහෙයවීය.
චන්ද්‍රරත්න බණ්ඩාර සම්මානනීය නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක්, කවියෙක් මෙන් පුවත්පත් කොලම් රචකයෙක් ද වේ. කැනඩාවේ ටොරෙන්ටෝ නුවර ජීවත් වන ඔහු එහි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන “යාත්‍රා’’ සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ද වෙයි.
"පිංකම්පොළ" කාව්‍ය සංග්‍රහය සන්තව ප්‍රකාශනයක් ලෙසින්ද "ඊළඟට තනාගත් ලෝකය" කෙටි කතා සංග්‍රහය සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් විය.
ඡායාරූප - අජිත් සෙනවිරත්න
0 comments :
Post a Comment