එම පනතට මරණාධාර සමිති පවා අයත් වන බවයි හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ.
රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන නියාමනය කිරීම අරමුණු කර ගනිමින් එම පනත් කෙටුම්පත් ඉදිරිපත් වී තිබේ.
මෙම පනතට අනුව යම් කිසි රජයේ නොවන ආයතනයක් යම් සුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී එහි මූල්‍ය හුවමාරුවක් සිදුවන්නේ නම් ඒ වෙනුවෙන් මාසයකට පෙර නම් කරන ලද බලධාරීන්ගෙන් අවසර ගත යුතුව ඇති බව රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය. සාමාන්‍යයෙන් ජාතික ව්‍යසනයකදී ඉතා කඩිනමින් ඊට මැදිහත් වන්නේ මෙම සිවිල් සංවිධාන වන අතර මෙම පනත නීති ගත වුව හොත් දැනට පවතින එම සක්‍රීය මැදිහත් වීම හෝ සිදු කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
මෙම පනත පසුගිය පාලන සමයේදීද චක්‍ර ලේඛයක් ලෙස ගෙන ඒමට සුදානම් වූ අතර සිවිල් සංවිධාන ඊට එරෙහිව ශක්තිමත්ව කටයුතු කළ හෙයින් එදා එම උත්සාහය පරාජය කිරීමට හැකි වූ බවයි මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment