මේ අතර අගමැතිවරයා යටතේ තිබූ ආයතන ගණනාවක් ඔහුගෙන් ගලවා වෙනත් අමාත්‍යංශය වෙත පැවරීම අදාල ගැසට් පත්‍රය මගින් සිදුකර තිබේ. ඒ අනුව ජාතික මෙහෙයුම් මැදිරිය, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ණය තොරතුරු කාර්යාංශය, ජාතික වැටුප් කොමිසම, ජාතික රක්ෂණ භාර අරමුදල, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා සභාව, වර්ජන කෝලාහල -සිවිල් කලබල ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල, මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව, ජාතික තරුණ සේවා සභාව, ජාතික්ක යොවුන් සේනාංකය හා ජාතික යෞවන තිලිණ ප්‍රධාන අධිකාරිය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම යන ආයතනද අගමැතිවරයාගේ අමාත්‍යංශයෙන් ගලවා තිබේ.
මේ අතර කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට පැවරීමට ජනාධිපතිවරයා අදාල ගැසට් පත්‍රය මගින් නියෝග කර ඇත. කෙසේ වෙතත් රක්ෂණ සංස්ථාව අගමැතිවරයාට ලබා දී ඇත්තේ රක්ෂණ සංස්ථාව සතුව තිබූ ලිට්රෝ ගෑස් සමාගම එම ආයතනයෙන් ඉවත් කරමිනි. එසේ ඉවත් කළ ලිට්රෝ ගෑස් සමාගම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත පවරා තිබේ.
0 comments :
Post a Comment