ජනාධිපතිවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා එම වෙනස්කම් කර ගැනීමට උත්සහ කළත් එය ඉටුකර ගැනීමට නොහැකි වූ අතර ඒ අතරතුර මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. නමුත් දැන් කළ යුත්තේ අවශ්‍ය වෙනස්කම් සිදුකර නව පුළුල් රජයක් ගොඩනගා ගැනීමට කටයුතු කිරීම බව හෙතෙම අවධාරණය කළේය. යහපාලන රජය පෙරළා දමා බලය වෙනත් පාර්ශවයකට ලබා දීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පැවසූ එස්.බී. දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ යහපාලන ආණ්ඩුව ගොඩනැගූ අයම මැදිහත් වී අවශ්‍ය වෙනස්කම් සිදුකළ යුතු බවයි.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment