යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී පැවැත්වුණු මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය විසිනි. මෙම විරෝධතාවට යාපනයේ සාමාන්‍ය වැසියන්ද සහභාගී වී සිටියහ.
විරෝධතාවට එක්වූවන් කියා සිටියේ ශ්‍රී ලංකාවද යුද්ධයෙන් බැට කෑ රටක් වන අතරම යුද්ධයේ වැඩිම අත්දැකීම් ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවට බැවින් එවැනි වූ අත්දැකීම් ඇති ජනතාවක් විසින් වහාම සිරියාවේ යුද්ධය නවතා දමන ලෙසට සිදු කරන ඉල්ලීමට අවධානය යොමු කිරීමට සියලු බලවත් රටවල් පියවර ගත යුතු බවයි. සාකච්ඡා මාර්ගයෙන් සිරියානු යුද ගැටුම් අවසන් නොකරන්නේ නම් අසරණ ජීවිත දහස් ගණනක් අහිමි වනු ඇති බවත් එම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලුම රටවල් එක්ව මෙම යුධමය තත්ත්වය නැවත්වීමට පියවර ගත යුතු බවත් විරෝධතාකරුවෝ පවසති.
රොමේෂ් මධුෂංඛ - වන්නි
0 comments :
Post a Comment