එදිනෙදා කටයුතු අතපසු නොකර එදිනෙදාම සිදුකළ නිසා සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට හැකි වූ බව නවෝද්‍යා ප්‍රභාවි අප වෙත ප්‍රකාශ කර සිටියාය. සරසවි උයන විදුහලෙන් ශිෂ්‍යත්ව සමත්ව මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පැමිණි ඇය උඩරට නර්තනය සම්බන්ධයෙන් විශාරද උපාධිය ද සම්පූර්ණ කරගෙන සිටින අතර සංගීත විෂයටද දස්කම් දක්වන්නීය.
'පාසලේ උගන්වන දේ එදිනම පාඩම් කළා. කිසිදු විෂයක් අතපසු කළේ නැහැ. අමාරු විෂයන් සදහා පමණක් අමතර පංති ගියා. පාඩම් කිරීම අනවශ්‍ය බරක් බවට පත් කර ගත්තේ නැහැ. එදිනෙදා කටයුතු සැහැල්ලුවෙන් කළා. මගේ අක්කාත් ඉගෙනුම ලබන්නේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ. දෙසැම්බර් මස දී පැවැත්වීමට නියමිත මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලාට මම කියන්නේ කිසිදු පාඩමක් අතපසු නොකර ගන්නා ලෙසයි. පාඩම් අතපසු කර ගැනීම නිසා ගැටලු රැසක් මතුවෙනවා. අප දැනුම නොමැතිව පංතියේ සිටින විට උගන්වන ගුරුවරුන්ට මෙන්ම මිතුරියන්ට ද හිරිහැරයක්. ඒ නිසා අද උගන්වන පාඩම් අදම නිසි පරිදි අධ්‍යයනය කළ යුතුයි. එවිට කිසිදු ගැටලුවක් මතු වෙන්නේ නැහැ.' ඇයි වැඩිදුරටත් සඳහන් කර සිටින්නීය.
පළමු ස්ථානය දිනාගත් මහාමායා බාලිකා විද්‍යාලයේ ලිමාෂා අමන්දි ප්‍රකාශ කළේ ක්‍රීඩා හේතුවෙන් අධ්‍යාපන කටයුතු තරමක් අතපසුවූ නමුත් සෑම පාඩමක්ම මිතුරියන්ගෙන් ඉල්ලා ගනිමින් ආවරණය කර ගත් බවයි. ඇය සංගීත, ක්‍රීඩා ආදී බාහිර ක්‍රියාකාරකම්වලදීද කැපී පෙනෙන දස්කම් දක්වා ඇති අතර සමස්ත ලංකා වර්ණලාභී ක්‍රීඩිකාවකි. වයඹ රාජකීය විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත්ව මහාමාය බාලිකා විද්‍යාලයට පැමිණි ලිමාෂා අප වෙත මෙසේ පැවසුවාය.
'නිවෙස බලායන විට බොහෝවිට රාත්‍රී නමය පමණ වෙනවා. එවිට පාඩම් කරන්න පහහසුයි. මහන්සි නිසා මම නිදාගන්නවා. මේ නිසා අමතරව පාඩම් කිරීමට කාලයක් හා හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මගේ මිතුරියන් මට ගොඩක් උපකාර කළා. අතපසුවන සියලු පාඩම් මා හට ලබා දුන්නා. මේ නිසා පන්තියේ උගන්වන දේ සියල්ල ඉතා හොදින් ශ්‍රවණය කර අවධාරණය කර ගත්තා. අධ්‍යාපන කටයුතුවල නිරතවද්දී මට හිතුණා මේ වැනි ජයග්‍රහණයක් කරා යන්න පුළුවන් වෙයි.'
දෙවැනි ස්ථානය දිනාගත් මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයේ නිසංසා කසුන්දි ගොකරැල්ල පවසන්නේ සියලුම අධ්‍යාපන කාර්යයන් එදිනෙදා සිදුකර සැහැල්ලුවෙන් විභාගයට මුහුණදුන් නිසා මෙවැනි ප්‍රතිඵලයක් හිමිකර ගැනීමට හැකිවූ බවයි. ගම්පොල අටබාගේ පදිංචි ඇයගේ මව ද හිල්වුඩ් බාලිකාවේ ගුරුවරියක ලෙස සේවය කරයි.
සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ ඇය මෙසේ පැවසුවාය.
'විභාගයට මා මුහුණ දුන්නේ ඉතාම සැහැල්ලුවෙන්. අධ්‍යාපනය ජීවිතයට බාධාවක් කර ගත්තේ නැහැ. මා විෂය බාහිර ක්‍රියාකාරකම් සිදුකළා. බටහිර තූර්ය වාදක කණ්ඩායමේද මා ඉන්නවා. රූපවාහිනි නැරඹීම, පරිවර්ථන කෘති කියවීම ආදිය නිරන්තරයෙන් සිදුකරනවා. ගණිත අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරියක වීම මගේ අපේක්ෂාවයි.'
නුවර නදීක දයා බණ්ඩාර
0 comments :
Post a Comment