අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධානතම වගකීම සත්‍යය සෙවීම - කරු ජයසූරිය

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධානතම වගකීම සත්‍යය සෙවීම - කරු ජයසූරිය

මෙම හමුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව විසින් 2016 අංක 14 දරණ පනත මගින් ස්ථාපිත කරන ලද ආයතනයක් වන අතුරුදන්වූවන්ගේ කාර්යාලය ශිෂ්ට සම්පන්න සමාජයක් උදෙසා විශාල වගකීමක් සහ යුතුකමක් දරා සිටින ව්‍යවස්ථාපිත ආයතනයක් බවයි.

අතුරුදන් වූ තම සමීපතමයන් පිළිබඳ වේදනා විදිමින් තවදුරටත් අපේක්ෂාවෙන් සිටින පවුල් වෙනුවෙන් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධානතම වගකීම සත්‍යය සෙවීම බව කථානායකවරයා සඳහන් කළේය.

ජාති ආගම් දේශපාලන භේදවලින් තොරව වැදගත් ජාතික යුග මෙහෙවරක් වෙනුවෙන් කැප වන අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට ශ්‍රී ලංකා මානව කොමිෂන් සභාව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව වැනි ආයතනවලට සමගාමීව නෛතික ස්වීයත්වයක් හිමිවනු ඇති බව ද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් වහාම සැලසිය යුතුව ඇති බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා සඳහන් කළේ ඒ පිළිබඳව කඩිනමින් කටයුතු කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තමන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට සහ මහා භාණ්ඩාගාරයට කඩිනම් උපදෙස් දෙන බවය .

මිනිස් හැඟීම්වලට ගරු කරමින් සමාජයේ සැම දෙනෙකුටම බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ලබා දීමටත් යුක්තිය සාධාරණය ඉටු කරවා ගැනීමටත් සහාය වීමට අතුරුදන් වූවන්ගේ කාර්යාලයට හැකි වනු ඇති බවට කථානායක කරු ජයසූරිය මහතා විශ්වාසය පළ කළේය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment