ජාතිය ගොඩ නැගීමේ බද්ද : මත්පැන් වලට ඇවිත් තවත් රැසකින් හැලෙයි.


මත්පැන් මත පනවා ඇති අනෙනකුත් බදුවලට අමතරය ජාතික ගොඩ නැගීමේ බද්ද අය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම යෝජනාව ඊයේ (27දා) පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මීට අමතරව ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් පනවා තිබූ ජාතිය ගොඩ නැගීමේ බදු ඉවත්කිරිමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.

  • කෘෂිකාර්මික කටයුතු සඳහා උසස් තාක්ෂණය යොදා ගැනීමේ ඇමුණින් හරිතාගාර, පොලි ටනල්ස් හා හරිතාගාර ඉදිකිරීම සඳහා භාවත වන උපාංග
  • පොල් තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන
  • කපා ඔප දමා ඇති ප්‍රති අපනයනය කිරීම වෙනුවෙන් ආනයනය කරන මැණික් ගල්
  • ඔරු පැදීම, කයාක්ස්, කයිට් සර්ෆින්ග්ස්, කිමිදීම ආදී ජල ක්‍රීඩා සඳහා අවශ්‍ය මෝටර් මගින් ක්‍රියාත්මක  නොවන උපාංග
  • එල්ලී යන ග්ලයිඩර්, බැලුන, පැදවිය හැකි ගුවන් යානා (ඩිරිජිබල්), පැරෂුට්, පැරා ග්ලයිඩර් ආදී ගුවන් ක්‍රීඩා සඳහා අවශ්‍ය බල ගැන්වීම් අවශ්‍ය නොවන ක්‍රීඩා උපකරණ හා උපාංග
  • ශ්‍රී ලංකා ඊ තැන්පතු ක්‍රමය මගින් සපයනු ලබන සේවාවන් 


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment