පැවති රජය සමයේ සිදුවූ අපරාධ ජනතාව අමතක වෙලා - රාජිත

පැවති රජය සමයේ සිදුවූ අපරාධ ජනතාව අමතක වෙලා - රාජිත
ඇමතිවරයා මේ බව සඳහන් කළේ හලාවත මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල් තැබීම සහ පස් මහල් වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගි වෙමිනි. මේ සඳහ රජය රුපියල් මිලියන 762 ක් වෙන්කර තිබේ.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා,
 
“අපේ රජයේ යම් යම් වැරදි තිබෙන්න පුලුවන්. නමුත් කිසියම් දිශානතියකට අනුවයි රජය ගමන් කරන්නේ. ජනතාවට සහන සළසමින්. පසුගිය රජය සමයේ සිදු වූ වංචා දුෂණ හා මනුෂ්‍ය ඝාතන පරීක්ෂණ කඩිනම් කරිම සදහා අග්‍රාමාත්‍යවරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ මමත් සාමාජිකයෙක්. එම කමිටුවට ලැබී ඇති ලිපිගොනු පරීක්ෂා කිරීමේ දී වර්තමානයේ පැහැරගැනීම් හා මනුෂ්‍ය ඝාතන කිසිවක් සිදුවන්නේ නැහැ. නමුත් එම ලිපිගොනු පරීක්ෂා කිරීමේ දී පසුගිය රජය සමයේ දී පැහැරගැනීම් සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුව තිබෙනවා. නමුත් ඒ අතීතය අද මිනිසුන්ට මතක නැහැ. අද මතක පොල් ගෙඩියේ සහ සහල් මිල පමණයි. එම නිසයි වෙළුපිල්ලේ ප්‍රභාකරනුත් කිවේ සිංහලයාට ඕනම දෙයක් මතක සති දෙකක් විතරයි කියලා.”
 
“වර්තමානයේ රෝහල්වල ඖෂධ හිගයක් නැහැ. මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා. එම මෘදුකාංගයට අනුව ඕනෑම රෝහලිකින් ඖෂධ ලබාගැනීමේ හැකියාව රෝහල් අධ්‍යක්ෂවරයාට ලබාදී තිබෙනවා. රෝහලක ඖෂධ හිගයක් පවතින්නේ නම් එය රෝහල් අධ්‍යක්ෂවරයාගේ දුර්වලකමක්. කොළඹ ජාතික රෝහලට පමණක් සීමා වී තිබු හදිසි අනතුරු සේවාව මේ වනවිට රෝහල් 120 ක ක්‍රියාත්මක වෙනවා. තවත් එවැනි ඒකක 20 ක් පමණ ඉදිකරනවා. රුධිර පාරවිලයන මධ්‍යස්ථාන රෝහල් 142 ක ස්ථාපිත කර තිබෙනවා. සියලුම රෝහල් වසර 2020 වනවිට ඊ-හෙල්ත් ව්‍යාපෘතියට අනුගත කිරීමටයි මා සැළසුම් කර ඇත්තේ. 2016 වසරේ දී රෝහල් 50 ක් ද 2017 වසරේ දී රෝහල් 150 ක් ද ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කර තිබෙනවා. 2018 වසරේ දී රෝහල් 300 ක ඊ-හෙල්ත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ. ඉදිරි අනාගතයේ දී ඊ-හෙල්ත් කාඩ්පත සෑම පුරවැසියෙකුටම ලබාදීමට අපි සැළසුම් කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වාර්තා එම කාඩ්පතේ ඇතුලත්වීම නිසා කඩිනමින් ප්‍රතිකාර කිරීමේ හැකියාව වෛද්‍යවරුන්ට ලැබෙනවා. අපේ රටේ සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, යුනිසෙෆ් ආයතනය අගය කරමින් නිවේදන නිකුත් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක සෞඛ්‍ය දිනය මෙවර පවත්වන්නේ ශ්‍රී ලංකාවෙයි. ඒ අප්‍රේල් මස 07 දායි.”
 
rajitha 29
rajitha 30
rajitha 31
rajitha 32
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment