ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයෙන් පසුව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ICC යෙන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයෙන් පසුව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ICC යෙන් පරීක්ෂණයක්
තරගය අවසන්වීමෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩයන් රැඳී සිටී විවේකාගාරයට අලාභ හානි සිදුව ඇති අතර විවේකාගාරයේ වීදුරු දොරටුව සම්පූර්ණයෙන් විනාශ කර තිබේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
 
මේ සම්බන්ධයෙන්, තරගයේ තීරකවරයා හරහා පරීක්ෂණයක් සිදුකිරීමට ICCය තීරණය කර තිබේ. මෙම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බෝර්ඩ් මහතා ක්‍රීඩා පිටියේ කාර්යය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට තීරණය කර ඇති අතර අදාල ප්‍රකාශ අද දහවල් 12 වනවිට තමන්ට ලබාදෙන්නැයි දැනුම් දී ඇත.
 
ඊයේ පැවති තීරණාත්මක තරගයෙන් බංග්ලාදේශය ජයග්‍රහණය කළ අතර තරගයේ අවසන්භාගයේදී සහ තරගයෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රීඩකයන් ක්‍රීඩාවට නොගැලපෙන අයුරින් හැසුරුණු අතර එය ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ විවේචනයට බඳුන් වී තිබේ.
 
sl bang
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment