නිර්මාණය කිරීමට නියමිත මෙම චිත්‍රපටය වෛරස් යනුවෙන් නම්කර ඇති බව පෙන්වා දුන් ඇමතිවරයා සඳහන් කළේ විද්‍යාව මගින් සොයාගත් වෛරස් වර්තමානයේදී විද්‍යාවටම වෛරසයක් වී ඇති බවයි. විද්‍යාව කෙතරම් දියුණු වුවත් සමස්ත ලෝකයම අවිද්‍යාවෙන් වසාගෙන ඇති බවත් එවැනි අවිද්‍යාවෙන් පිරුණු ලෝකයට වෛරසයක් මගින් විද්‍යාව ඉගැන්වීමට නිර්මාල් රාජපක්ෂ මහතා ගන්නා සිනමාත්මක වෑයම අගය කළයුතු බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
අපේ මිනිස්සු ගියොත් පිටසක්වලත් අවුල් කරනවා
විද්‍යාව කෙතරම් දියුණු වී ඇද්ද යන්න පෘථිවියේ වාසය කරන මිනිසුන් පිටසක්වලට රැගෙන යාම සඳහා පර්යේෂණ පවත්වමින් සිටීමෙන් ඔප්පු වන බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අවිද්‍යාවෙන් හිස පුරවා ගත් මිනිසුන් පිටසක්වලට රැගෙන යාම හරහා පිටසක්වල සිටින ජීවීන් ද අපහසුතාවයට පත්වන බවයි ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එපමනටම මිනිසුන් අවිද්‍යාවෙන් පිරී ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
නියම විද්‍යාත්මක දර්ශනය වන බුදුදහම අනුගමනය කරනවා යැයි කියන ශ්‍රී ලාංකිකයන් දැන් සිංහල බුද්ධාගම යනුවෙන් අලුත් ආගමක් පිහිටුවාගෙන ඇති බවත් බුදුරජාණන් වහන්සේ ජාතිය ගැන කාලාම සූත්‍රයේදී දේශනා කර ඇත්තේ කෙසේද යන්න ඔවුන් නොදන්නා බවත් ඇමතිවරයා පවසයි. අද විද්‍යාව ඇත්තේ ග්‍රන්ථවල, පර්යේෂණවල පමණක් බවත් සාමාන්‍ය පෙළට උසස් පෙළට විද්‍යාව සමත් වුවද බහුතරයක් කටයුතු කරන්නේ අවිද්‍යාත්මක ආකාරයෙන් බවත් සේනාරත්න මහතා පෙන්වා දෙයි.
එවැනි රටක සිටිමින් නිර්මාල් රාජපක්ෂ මහතාට අවිද්‍යාවට එරෙහිව සටන් කිරීමට සිදුව ඇති බවත් එය මෝසම් වරුසාවේ ඔරුවක් පැදීම වැනි කටයුත්තක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
සුප්‍රකට විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් මහතා, දේශප්‍රේමය රෝගයක් ලෙස හැඳින්වූ බව සඳහන් කළ ඇමතිවරයා ප්‍රකාශ කළේ එය සරම්ප රෝගයක් බවයි. ජාතිය, ආගම, කුලය ගැන කතා කරන මිනිසුන් ඒ වෙනුවට මිනිස්කම ගැන කතා කළයුතු බවයි ඇමතිවරයා සඳහන් කළේ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න ඇමතිවරයා,
'ජාතිය, ආගම පිළිබඳ කතා කරන පුද්ගලයන් මිනිස්කම ගැන කතා කරන්න ලැජ්ජයි. ඡන්දෙට නොමිනේෂන් දෙනකොටත් ජාතිය, ආගම, කුලය බලනවා.'
'ජාන තාක්ෂණ විද්‍යාව සෞඛ්‍ය සේවාවේ අනාගත ලකුණයි. මේ පිළිබඳව ඇමරිකාව පුරා පර්යේෂණ සිදු කරනවා. එම පර්යේෂණවලට අනුව පිළිකා නාශක ඖෂධයක් ලෙස කයිරූඩා නැමැති ඖෂධය නිෂ්පාදනය කර තිබෙනවා. එහි අතුරු ආබාධ කිසිවක් නැහැ. ලංකාවේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අපේ රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ද අවිද්‍යාවට අදාල තොරතුරු තමයි ලබාදෙන්නේ. හූනියම්, යන්ත්‍ර බලි තොවිල් සහ නක්ෂත්රය පිළිබඳ වැඩසටහන් කරනවා. මිනිසා හැදීම නොව විනාශ කිරීමයි එමගින් සිදු වන්නේ. විවිධ වසංගතවලින් අවිද්‍යාවෙන් මිනිසා විනාශ වී තිබෙනවා. මම අධ්‍යාපන ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගැන්වූයේ මිනිස්කම පිළිබඳවයි.'
0 comments :
Post a Comment