2012 වසරේ සිදු වූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් නියොමාල් රංගජීවට සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා වූ එමිල් රන්ජන්ට චෝදනා එල්ල විය.
රහස් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙම දෙදෙනා අසනීප බව කියමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් විය. ජාතික රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දසනායක මහතා සැකකරුවන් දෙදෙනා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
එම නියෝගයෙන් පසු රංගජීව සහ එමිල් රන්ජන් ජාතික රෝහලෙන් නිදහස් කිරීමට තීරණය කළ අතර මේ වනවිට ඔවුන් දෙදෙනා බන්ධනාගාර රෝහලට මාරුකර ඇති බවයි වාර්තා වන්නේ.
0 comments :
Post a Comment