දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ආභරණ කොල්ලයක්

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ආභරණ කොල්ලයක්

බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග බස්නායක නිලමේවරයාද ඊට හවුල් වී තේවා භාර කපු මහත්වරු සඳහන් කරයි. බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග බස්නායක නිලමේවරයාද ඊට හවුල් වී ඇතැයි ඔවුහු සඳහන් කරති.

1917 සිට 1986 දක්වා කාලය තුළ බැතිමතුන් විසින් දෙවියන්ට පූජා කරන ලද රන්, රිදී, මුතු, මැණික් ඇතුළු පළඳනා, ප්‍රතිමා සහ මූර්ති ගබඩා කර තිබී ඇත්තේ දේවාලය තුළ තිබූ සේප්පුවකය. අදාළ පරිත්‍යාග පාරම්පරිකව කපු මහත්වරුන් ලේඛනගත කර තිබී ඇත. එම ලේඛන කිසිවක් සැලකිල්ලට නොගෙන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු සහ බස්නායක නිලමේගේ සහභාගිත්වයෙන් 2018 පෙබරවාරි 17 දින භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර තිබේ. සාමාන්‍යයෙන් එවැනි සමීක්ෂණයකදී දේවාලයේ ප්‍රධාන කපුමහතා සමග පාරම්පරික ලේඛන පරීක්ෂා කළ යුතු වුවත් උක්ත කී දින භාණ්ඩ සමීක්ෂණය සඳහා මෙතෙක් පැවති සම්ප්‍රදායට පටහැනිව ක්‍රියාකර තිබේ.

ඒ අනුව ප්‍රධාන කපු මහතාට විධිමත් ආකාරයකින් මෙම භාණ්ඩ සමීක්ෂණයට සහභාගි වන ලෙස දැනුම් දීමක් සිදුකර නැත. මිල කළ නොහැකි රන්, රිදී, මුතු, මැණික් ඇතුළු ආභරණ සහිත සේප්පුව විවෘත කර ඇත්තේ බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ බස්නායක නිලමේවරයා විසිනි. එතෙක් දේවාලයේ තිබූ සේප්පුවද ඉන් අනතුරුව බස්නායක නිලමේවරයාගේ කාර්යාලය තුළ තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ප්‍රධාන කපුරාල වන රාමක්‍රිෂ්ණ තේනබදු මහතා ගන්දර පොලීසියට පැමිණිලි කර තිබේ.

දයා නෙත්තසිංහ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment