ඒ, ඊයේ (28) එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙකු රෝහලට ඇතුලත් කිරීමේදී ඒ සමඟ පැමිණි පිරිසක් එම රෝහලේ කනිෂ්ඨ සේවකයන් දෙදෙනකුට පහර දීම හේතුවෙනි. මේ වන විට තුවාල ලැබූ එම කනිෂ්ඨ සේවකයන් දෙදෙනාද දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මත තෝරාගත් සභිකයන් අද (29) දිවුරුම් දීමට නියමිත උත්සවය වෙනුවෙන් දඹුල්ල නගරයේ සැරසිලි කරමින් සිටියදී ආර්ථික මධ්‍යස්ථානය අසල දී සැකකාර පලතුරු ව්‍යාපාරිකයා සහ තුවාල ලැබූ පුද්ගලයා අතර ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුව ඇති බව දඹුල්ල පොලිසිය පවසයි.
ඒ අතර තුවාල ලත් පුද්ගලයා රෝහලට ගෙන ගිය පුද්ගලයන් රෝහල් සේවකයන් සමග බහින්බස් වීමක් සිදු වී ඇති අතර අතර තුවාල ලැබූ පුද්ගලයා වාට්ටුවට ගෙන ගිය සේවකයන්ට පහර දී ඇති බවත් පහර දුන් පුද්ගලයන් සැඟව ඇති බවත් පැවසේ. මේ අතර රෝහල් සේවකයින්ට පහර දුන් අය අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් අද දඹුල්ල මූලික රෝහලේ සේවකයන් මෙම උද්ඝෝෂණය ආරම්භ කරනු ලැබීය.
මේ වනවිට එම පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු තියුණු ආයුධය ද සමග දඹුල්ල පොලීසියට ගොස් භාර වී ඇති අතර එම පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.
මහින්ද උදයසිරි රත්නායක - දඹුල්ල
0 comments :
Post a Comment