ඇමෙරිකානු GSP සහනය නැවතත් ලංකාවට හිමිවෙයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට නැවතත් විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (GSP) ලබාදීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. මෙය පසුගිය දෙසැම්බර් මස 31 දා අවසන් වූ අතර ඇමෙරිකානු ජනපතිවරයා 2018 වසරේදී එය දීර්ඝ නොකිරීමට කලින් තීරණය කළේය.

කෙසේ වෙතත් පසුගිය 23 දා ඇමෙරිකානු ජනපතිවරයා අත්සන් කළ අයවැය හරහා ශ්‍රී ලංකාව අතුළු රටවල් කිහිපයකට නැවතත් මෙම වරණීය තීරුබදු සහනය ලැබී ඇත. එය 2020/12/31දා වලංගු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment