
පූජා පැවැත්වීමට කෙනෙක් සිටිය යුතුය. මනසෙන් චින්තන නිපදවා ගත යුතුය. එය සම්පූරණයෙන්ම "චේතෝ විමුක්ති" යන බුදු වදනට විරුද්ධය. පූජා ක්‍රමයෙන් බුදු උපදෙස් විකෘති කොට විකුණාගෙන කන පූජකවරුන් බිහි වී ඇත්තේ මෙවැනි අන්‍ය ආගමික සංකල්ප වැළඳගෙන බෞද්ධයන් යයි පවසමින් ජනතාව රැවටීමට හැකි නිසාය.
ඒ නිසා යමෙකුට පූජ්‍ය යන නම භාවිතා කෙරේද, බුදු වදනට අනුව ඔහු බෞද්ධයකු නොවේ. ඇත්ත වශයෙන්ම ඔහු බෞද්ධයකු වශයෙන් පෙනී සිට බුදුන් වහන්සේට අගෞරව කරන්නෙකි. මෙවැන්නන් ඉදිරියට සසුන තුළින්ම බිහිවන බව බ්‍රහ්මජාල සූත්‍රයේත්, සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේත් පෙන්වා දී ඇත. තවද ඔවුන් සත්‍යය දේශනා විකෘති කොට නව ධම්ම ප්‍රතිරූපයක් නිපදවන බව උන්වහන්සේ එහි ප්‍රකාශ කර ඇත. එය කිසිම පූජ්‍ය කෙනෙකු නිවන් නොදැකීමෙන් දැන් සනාථ වී තිබේ.
ඇදහිලි, බාර ආශිර්වාද, වන්දනා ඇත්තේ ආගම්වලය. බුද්ධ දර්ශනයේ එවැනි දේ නැත. ආගමක් අර්ථ දක්වනුයේ ඇදහිලි ක්‍රමයක් ලෙසටය. එවනි දෙයක් කිරීමට බුදුදහමේ කෙනෙකු නැත. එවැන්නකු ඇත්තේ යයි හැඟෙන්නේ ඒ මායාව නිපදවන මනස නිසාය. ප්‍රඥා ඇසට පෙනෙන බුද්ධ, ධම්මවල කෙනෙකු නැත.
වන්දනා බුදු පණිවුඩයේ නැති බව දැන් මහජනතාවට තේරී ගෙන යන බව පෙනේ. වන්දනාවක් කිරීමට කෙනෙකු සිටිය යුතුය. චින්තනයක් නිපදවිය යුතුය. එය බුදු වදන නොවේ. සමහරු කෙනෙකු නැති, තමන්ට ඉදිරියට හොඳක් වන බලාපොරොත්තුවෙන් මනසින් මායාවෙන් පෙන්නුම් කරන ගස්වලට, ගල්වලට (පිළිම), චෛත්‍යවලට වන්දනා කරති. එය ඉතාමත් අඥානවන්ත ක්‍රියාවක් බව බුදුන් වහන්සේ මෙසේ පෙන්වා දෙති.
"බහුංවේ සරණං යන්තී, පබ්බතානී වනානිච - ආරාම රුක්ඛ චෛත්‍යානි, මනුස්සා භය තජ්ජිතා"
"මිනිසුන් බය වූ විට පිළිම, වනාන්තර, ආරාම,ගස්,චෛත්‍ය ආදී බොහෝ දේවල්වල පිහිට පතති"
රහතුන් වැඩසිටි කල පිළිම තිබුණේ නැත. ඒ කාලයේදී බුදු පණිවුඩය පතුරවා හැරීමට ගල් අවශ්‍ය නොවීය. රහතුන් හීන වූ විට ‘ආගමික’ වන්දනා, ආශිර්වාද, බාර, ඇදහිලි නැවත මතු වී ‘බුද්ධ දර්ශනය’ ට විරුද්ධව බුදුන් වහන්සේ යයි "කෙනෙකු" සංකේත කිරීමට පිළිම නිර්මාණ වුණි. ප්‍රථමයෙන්ම පිළිම නිර්මාණ කරන්නට පටන් ගත්තේ බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 500කට පසු ඉන්දියාවේ ගාන්ධාර ප්‍රදේශයේය. නමුත් එය නිර්මාණකරුවා එහි භාවනා කරමින් සිටින බුදු පිළිරුවක් ඇඹුවේ එය හින්දු හා ජෛන ආගම්වලට අනුකූල කිරීමටය. බුදු පණිවුඩයේ භාවනාවක් (මනස දියුණු කිරීමක්) නැත. එහි ඇත්තේ මනසින් නික්මීමය.
සමාජයේ නිතර කියවෙන "ආහුනෙයියෝ පාහුනෙයියෝ දක්ඛිනෙයියෝ අන්ජලිකරනෙයියෝ" ගාථා කොටස් ද එසේ හින්දු හා ජෛන ආගම්කරුවන් විසින් පසුව ඇතුල් කොට ඇති දේ බව පෙනේ. ඇත්ත වශයෙන්ම බුදු දහම අනුව එසේ කරන කෙනෙකු නැත. එසේ ලබන කෙනෙකුද නැත. මෙකල හාමුදුරුවරුද මෙය ආරක්ෂා කරන්නේ ඔවුන්ට ලැබෙන ලාබ ප්‍රයෝජන නිසාය.
මහජනතාව පූජකවරුන්ගෙන් මෙවැනි මිත්‍යාවලින් ජීවන ක්‍රමයක් සකසාගෙන ජනතාව රවටන්නේ ඇයිද? යන ප්‍රශ්නය ඇසිය යුතුය. පූජකවරු ඇත්තේ සද්ධම්ම ප්‍රතිරූපකයක් වන බුද්ධාගමේ පමණක් නොවේ. අන් සෑම ඇදහිලි ක්‍රම වන ආගම්වල එවැන්නක් සිදු වේ. මේ සියලු ආගම්ම කරන්නේ මහජනතාව නොමග හැරීමක් පමණි. රැවටීමක් පමණි. විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ නම ඈඳා ගෙන මෙවැනි වැඩ කරන්නෝ බෞද්ධත්වයට අපහාසයකි.
බුද්ධ යනු කෙනෙකු නොවේ. තමා තුළ සැඟවී ඇති තත්ත්වයකි. බුදුන් දැක ගත හැක්කේ තමා තුළින්ම මතු වන ප්‍රඥා ඇසිනි. එය නිවන් දැකීමයි. එසේ වීමට මායාකාරී මනස අක්‍රිය කළ යුතුය. මනසෙන් නික්මිය යුතුය. චින්තනය නැවැත්විය යුතුය. එවිට ඔබ නොසිතුවිරූ දැනුමක්, බුද්ධියක් ඔබ තුළින් මතු වනු ඇත.
බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ අද සමාජයේ ඇති පූජා, වන්දනා, ඇදහිලි, ආශිර්වාද, බාර සහ පාංශුකූල වැනි ක්‍රියාවලට උපදෙස් දෙන බමුණු දැලෙන් (බ්‍රහ්ම ජාලයෙන්) වැඩිකල් නොගොස් මහජනයා මිදෙනු ඇත යනු මගේ පැතුමයි. එවිට නිවන් නොදකින පූජ්‍යයන් හා පූජාද අහෝසි වී නිවන මතුවනු ඇත.
පූජා පවත්තන්නෝ නිවන් නොදකිති. බුදු වදනට අනුව පූජා පැවැත්වීමට උපදෙස් දෙන්නෝ කලන මිතුරන් නොවේ. ඔව්හු නිවන ඈත් කරන සතුරන්ය.
- ගාමීණි අභය
පෙර ලිපි:
බුද්ධ දර්ශනය 1- නිවන් දකින ක්‍රමය අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත.
බුද්ධ දර්ශනය 2- මාර්ගඵලලාභීන් බිහි නොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුණාද?
බුද්ධ දර්ශනය 3- බුද්ධාගමෙන් බුද්ධ දර්ශනය පහළ නොවන්නේ ඇයි?
බුද්ධ දර්ශනය 4- බුද්ධාගම පිරිසිදු බුද්ධ දේශනයද?
බුද්ධ දර්ශනය 5- බුද්ධාගමේ පදනම වන දාන, සීල, භාවනාවලින් නිවන් දැකිය නොහැක.
බුද්ධ දර්ශනය 6- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?
බුද්ධ දර්ශනය 7- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 2 වන කොටස
බුද්ධ දර්ශනය 8- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 3 වන කොටස
බුද්ධ දර්ශනය 9- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? - 4 වන කොටස
බුද්ධ දර්ශනය 10- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? - 5 වන කොටස
බුද්ධ දර්ශනය 12 - පිරිත් සජ්ඣායනා කිරීම, ගාථා කට පාඩම් කිරීම නිවනට බාධාවක් වන්නේ ඇයි?
බුද්ධ දර්ශනය 14 - මනසිකාර, යෝනිසෝ මනසිකාර, අයෝනිසෝ මනසිකාර බුද්ධ වචනය නොවේ!
0 comments :
Post a Comment