
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (04) පැවැත්වෙන අගමැතිවරයාට එරෙහිව ගෙන තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳව පැවැත්වෙන විවාදයට එක් වෙමිනි.
එහිදී ආර්. සම්බන්ධන් මහතා මෙසේ අදහස් දැක්වීය.
"මේ රට වෙලාගත් ලොකුම ප්‍රශ්නය දූෂණයයි. එය මුළුමනින්ම උපුටා දැමිය යුතුයි. දූෂණ චෝදනා වැඩියෙන්ම එල්ල වන්නේ දේශපාලකයන්ට. එය නතර විය යුතුයි. මේ විශ්වාසභංගයේ චෝදනා ස්ථිර නැහැ. විශ්වාසභංගය දේශපාලන අරමුණකින් සකස් කළ එකක් බවත් විශ්වාසභංගයේ විශ්වසනීයත්වයක් නැහැ. ඒ වගේම අගමැතිවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් මෙම විශ්වාසභංගයේ නැහැ. ඒ නිසා අපි කොහොමද මෙයට සහය දක්වන්නේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න සියලු දෙනා දායකත්වය දෙන්න."
0 comments :
Post a Comment