මොණර කොල වලට විශ්වාසභංගය පාවාදීලා ඒත් අපි විශ්වාස භංගය ගෙනාපු නිසා ඇතිවුණ සංවාදය වැදගත් - විමල් වීරවංශ


මොණර කොල වලට විශ්වාසභංගය පාවාදීලා
අපි විශ්වාස භංගය ගෙනාපු නිසා
ඇතිවුණ සංවාදය වැදගත්

- විමල් වීරවංශ

අද අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී කළ කතාව තරමක උද්වේගකර එකක් විය.
එහිදී ඔහු තමන් ඇතුළු පිරිස ගෙනා විශ්වාසභංගය ආණ්ඩුවේ මොණර කොළවලට යටවූ බව දැන්වූ අතර සල්ලි අරන් වෙනස්වූ බවට මුලින්ම චෝදනා කළේ මුස්ලිම් කොංග්‍රසයටය. කෙසේ වෙතත් ඔහු මුදලට මන්ත්‍රීවරු බිලිබාගැනීම ගැන
සාක්ෂි කිසිවක් ඉදිරිපත් කළේ නැත.

ඔහුගේ කතාව අතරතුරදී ආනන්ද අලුත්ගමගේ නම මෙම පාවාදීම ගැන හෙළි කළ නමුත් ආනන්ද අලුත්ගමගේ එයට පිළිතුරු දෙමින් ඔයාගෙ පාස්පෝට් පූස්පාට් වගේ හොර වැඩ මං කරල නෑ කිව්වේය. විමල්  මුජබිර් රහමන්ගේ නම පාවිච්චි කරමින් මේ රජය පත්කිරීම ගැන දුක්වන බව ඔහු කියූ කතාවක් මතක් කළ නමුත් විමල් අමතා රහමන් කියා සිටියේ තමා විමල් ඇතුළු පිරිස ගැන ඊටත් වඩා දුක්වන බව කිව්වේය.
විමල් සිය කතාවේ කිසිදු තැනක තමන්ගේ යෝජනාව ජයගන්නා බව අද නොකී අතර පාවාදීම ගැන සහ මෙම යෝජනාව නිසා ඇති කළ ප්‍රෙබා්ධය ගැන දීර්ඝ වශයෙන් විස්තර කළේය.
විමල්ගේ කතාවේ වීඩියෝව පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment