'එස්.බී - තිලංග ඇතුළු පිරිස අවසන් මොහොතේ ගේමක් ගැහුවා' - සොයිසා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව දේශපාලන කුමන්ත්‍රණයක් බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අනාවරණය සිදුකළ අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සමඟ කඩිනමින් රටේ බලය ඇල්ලීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබූ බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමේ අවශ්‍යතාව ඔවුනට තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ බව නිදහස් පක්ෂයේ තමන් නියෝජනය කළ පාර්ශවය දැනුවත්ව සිටි බවත් එනිසා විශ්වාසභංග යෝජනාව සම්බන්ධවද තම පක්ෂයේ අනෙක් පාර්ශවයට වෙනස් මතයක් තමන්ට තිබූ බවද ඔහු පැවසීය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධව පක්ෂය තුළ මත දෙකක් නිර්මාණයවී පැහැදිළි බෙදීමක් තිබූ බැවින් බහුතර මතයට මතයට ගරු කරමු යන පොදු තීන්දුවක් ගෙන තිබු බවත් තම පාර්ශවය ඒ වෙනුවෙන් අවංකව සිටි බවද අමාත්‍යවරයා පැවසීය.

පක්ෂයේ මත දෙකක් තිබීම හමුවේ අවසානයේ විශ්වාසභංගය වර්ජනය කළ යුතු බවට පොදු මතයක් වෙත පැමිණීමට පක්ෂය තීන්දු කළ බවත් ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරිපිටදී මෙන්ම මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධව එස්.බී අමාත්‍යවරයා මෙන්ම තිලංග සුමතිපාලද ඊට එකඟව සිටි බවද අමාත්‍යවරයා පැවසීය.

එසේ පොදු මතයක් තිබියදී අවසන් මොහොතේ පක්ෂය මතය වෙනස් කර ඔවුන් විශ්වාසභංග යෝජනාවට ජන්දය දුන් බවත් පක්ෂයේ බහුතර මතය එය නොවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment