එජාප පාක්ෂිකයන් ජයග්‍රහණයේ සතුට සමරයි

එජාප පාක්ෂිකයන් ජයග්‍රහණයේ සතුට සමරයි
 
මහනුවර නගරයේ බොහෝ පිරිසක් නගරයට රැස්ව පුළුල් තිර ඔස්සේ විශ්වාසභංග ඡන්ද විමසීම නැරඹූ අතර අග්‍රාමාත්‍යවරයා ඉන් ජයග්‍රණය කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා කළහ. ඔවුන් පසුව මහනුවර දළදා වීදිය සහ ආතර් සිටි අසල සිට රතිඤ්ඤා පත්තු කර සිය සතුට පළ කළහ.
 
මේ අතර විශ්වාසභංග යෝජනාව ජය ගැනීමේ ප්‍රීතිය සැමරීමට ගිය එක්සත් ජාතික පාක්ෂිකයින් තිදෙනෙකු කැපුම් කෙටුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව උඩප්පුව පොලීසිය පවසයි.
 
මූන්දලම කිරියන්කල්ලිය ප්‍රදේශයේ තරුණ පිරිසක් මෙසේ  රතිඤ්ඤා දල්වමින් සිටියදී පැමිණි තවත් තරුණ පිරිසක්  අතර බහින් බස්වීමකින් අනතුරුව දෙපාර්ශ්වය අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී ඇති  වී තිබේ. ඒ හේතුවෙන් තුවාල ලද තරුණයන් දෙදෙනකු හලාවත දිස්ත්‍රික් මහා රෝහලට සහ මූන්දලම රජයේ රෝහලට ඇතුළත් කර තිබේ. 
 
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමත් සමඟ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභිකයකුගේ ආධාරකරුවන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් විනෝද වෙමින් සිටින අතරතුර ගැටුම සිදුවී  ඇති බව පොලීසිය පවසයි.
 
jvp 1
 
jvp 2
 
නදීක දයා බණ්ඩාර - මහනුවර 
ඔගස්ටින්  ප‍්‍රනාන්දු - හලාවත  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment