සිරස රනිල් විරෝධය හමාරයි? : කිලී හා රනිල්ගේ සොයුරු ශාන් අතර හමුවක්.
සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු රාජා මහේන්ද්‍රන් (කිලී) මහතා හා ටෙල්ෂාන් නෙට්වර්කස් (TNL) හි හිමිකරු ශාන් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (20) සිදුව තිබේ.
එම හමුව ටෙල්ෂාන් නෙට්වර්කස් ආයතනයේදී සිදුව ඇති බවද පැවසේ.
මොවුන්ගේ හමුව දේශපාලන එකඟතාවයක් සඳහා පෙරනිමිත්තක් බවට ද තොරතුරු වාර්තා වේ.
පෙරේදා (19) TNL රූපවාහිනිය විසින් රාජා මහේන්ද්‍රන් (කිලී) මහතා සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රවෘත්ති වාර්තා කරණයක් මේ හමුවට ආසන්නම හේතුව වී ඇති බව පැවසේ.
ශාන් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොයුරා වන අතර පසුගිය කාලයේදී රාජා මහේන්ද්‍රන් (කිලී) මහතාට අයත් සිරස නාලිකාවෙන් දැඩි ලෙස විවේචනය කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් අප ශාන් වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමාට ශෛල්‍යකර්මයක් සිදුකිරීම නිසා මේ දිනවල සිටින්නේ නිවසේ බවත්, රාජා මහේන්ද්‍රන් මහතා තමාගේ පාසලේ පංතියේ මිතුරෙකු බවත්, තමාව බැලීමට ඕනෑම කෙනෙකුට පැමිණිය හැකි බවත්ය.
0 comments :
Post a Comment