'රත්තරන් බද්ද අනවශ්‍ය දෙයක්' - හිටපු මුදල් අමාත්‍ය RK.

ආනයනික රත්තරන් මත සියයට 15ක තීරුබද්දක් පැනවීම අනවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා කොළඹදී අද (20) පැවැසීය. 

ආණ්ඩු වෙනස් වුවද දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීම නිසා මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වලට මුහුණ දීමට රටට සිදුව ඇතැයි ද හිටපු මුදල් හා විදේශ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කීය. 

ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර සමයේ සමාජ මාධ්‍ය තුල ඒ මහතා හැඳින්වුයේ VAT MAN ලෙසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙන් තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයක් අමතමින් පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා ඉහත කරුණු කීවේය.

දින සියයක් ඇතුළත් රටේ ආර්ථිකය ගොඩනංවන බව බව කී හිටපු අමාත්‍යවරයා දක්ෂ නිලධාරීන් පිරිසක් හා එක්ව එම අභියෝගයට මුහුණ දෙන බව ද කීය.

උත්සව සභාව ඇමතූ රවී කරුණානායක මහතා මෙසේ ද කීය.

“මම දින 100ක් ඇතුළත රටේ ආර්ථිකය ගොඩනංවනවා. දක්ෂ නිලධාරීන් පිරිසක් සමඟ එම අභියෝගයට මුහුණ දෙනවා. ජනතාව පීඩාවට පත්කිරීමේ අනවශ්‍ය බදු පැනවීම් වලට තමා තරයේ විරෝධය පළ කරනවා. අද වනවිට ආනයනික රත්තරන් මත සියයට 15ක බද්දක් පනවලා. එම බදු පැනවීම අනවශ්‍ය දෙයක්. 

ආණ්ඩු වෙනස් වුණාට, දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වලට මුහුණ දීමට රටට සිදුවනවා.   

අද රටේ ආර්ථිකය ගැන ජනතාව විවිධ අදහස් මතුකර තිබෙනවා. දක්ෂතා ඇති පුද්ගලයන් සඳහා නිසි තැනක් නොලැබීම නිසා, රටේ ආර්ථික අර්බුද සහ අනෙකුත් අර්බුද උත්සන්න වෙලා.

අපි කවුරුත් දන්නවා පෙරහර ගත්තහම ඒකෙ ප්‍රමුඛත්වය දෙන්නේ කරඬුව වඩම්මන හස්තියාට,  ඒ හස්තියා ගමන් ගන්නෙ ඒ සඳහා විශේෂයෙන් සකස් කළ පාවඩ මතින්,   ඊළඟට ඒ ඒ දේවාල වල නිලමේවරුන්, ගමන් ගන්නා අලි, ඇතුන්.අද වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. කොහෙවත් ඉන්න පන්දම් කාරයෝ, අලි පැටවුන්, රබන් කාරයෝ, බොරු කකුල් කාරයෝ තමා පෙරහරේ ඉදිරියෙන් යන්නේ. 

රටේ වත්මන් තත්ත්වයත් මේවගේ තමා. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්  රටේ ආර්ථිකය හදන්න දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක, ඒ ගමනට බාධා කරන දෙතුන් දෙනෙක් ඉන්නවා. 

ඒක අපේ නායකයන් දෙදෙනා අවබෝධ කරගෙන ඇතිබව මම හිතනවා”යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය. මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ එජාප මන්ත්‍රීවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget