ලංකාවට ඉදිරි දිනවලදී උල්කාපාත වර්ෂාවන්…

ඉදිරි දිනවලදී උල්කාපාත වර්ෂාවන් කිහිපයක් ශ්‍රී ලංකාවට දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

පසුගිය මස 07 වනදා සිට දෙසැම්බර් මස 25 වනදා දක්වා වරින් වර එම උල්කාපාත වර්ෂාවන් දැකගත හැකි බව ග්‍රහ ලෝකාගාරය පෙන්වා දෙයි.


ඒ අනුව අද(07) දිනයේ ශ්‍රී ලංකා වාසීන්ට ඩ්‍රැකොනිඩ් උල්කාපාත වර්ෂාව දැකගත හැකිය. මේ මස 21 සහ 22, නොවැම්බර් මස 04, 05, 17,18, දෙසැම්බර් මස 13, 14, 21, 22 යන දිනවලදී උල්කාපාත වර්ෂාවන් උපරිම ලෙස දැකගත හැකි වෙයි.


අභ්‍යාවකාශයේ පවතින පාෂාණ කැබලි දුවිලි ආදිය පෘථිවියේ ගුරුත්වාකර්ශන බලයට හසුවී  පෘථිවිය දෙසට ඇදි එන විට ගිනි ගැනීම හේතුවෙන් විචිත්‍රවත් ලෙස දැකගත හැකිවීම උල්කාපාත වර්ෂාව ලෙස හැදින්වෙයි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment