වැඩවර්ජනයක් කරන්න තියනවා : විභාග කල්දාන්න - ගුරු සංගම්.



අධ්‍යාපන සේවාවන්වලට දේශපාලන පලිගැනීම් කමිටු නිර්දේශ මත නීත්‍යානුකූල නොවන ලෙස පත්වීම් ලබාදීමට එරෙහිව ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු අධ්‍යාපන සේවාවන්වල සියලූම නිලධාරීන් ඒකාබද්ධව 2018 ජූලි 26 දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් එදිනට නියමිත පාසල් වාර විභාග අත්හිටුවන ලෙස අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව දැනුම්දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරන අතර  වැඩවර්ජනය පැවැත්වෙන 2018 ජූලි 26 දින පාසල් වාර විභාග පැවැත්වෙන දිනයක් බැවින් එදිනට නියමිත විභාගය වෙනත් දිනයකට යෙදීමට අවශ්‍ය කටයුතු යොදන මෙන් සියලූම පළාත් අධ්‍යක්ෂවරුන්ගෙaන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපනය සුරැුකීමේ වෘත්තීය එකමුතුව විසින් මේ වන විට ඉල්ලීමක් කර ඇති බවද එහි සඳහන් කර ඇත.

එසේම  මෙදින විභාගය පැවැත්වීමෙන් සිසුන් අපහසුතාවයට පත්වන අතර, විභාග කටයුතු අක‍්‍රමවත් වීම වැලැක්විය නොහැකි වනු ඇති බවත් මේ තත්ත්වය මත  එදිනට නියමිත විභාගය කල් දමන ලෙසද එහි අවධාරණය කර ඇත.

මේ වන විට මෙම වර්ජනය සම්බන්ධයෙන් පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා පති‍්‍රකා බෙදීමේ කි‍්‍රයාමාර්ගයක් ද ආරම්භ කර ඇති අතර, 2018 ජූලි 23 දින පෙ.ව. 6.30 සිට මරදාන දුම්රියපළ අසල පති‍්‍රකා බෙදීම සිදු කරනු ලබන අතර, දිවයින පුරා සෑම ප‍්‍රදේශයකම දෙමාපියන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් තිබෙන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment