ඩඩ්ලිගේ Club එක Open කරන්න ජනාධිපති 'බෑ' කියලා...



ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, සිය සොයුරු ඩඩ්ලි සිරිසේන විසින් ආරම්භ කළ ‘5551’ නවතම රාත‍්‍රි සමාජ ශාලාව විවෘත කිරීම ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

අරලිය හෝටල් සමූහයේ අධිපතියා වන සහ විවිධ ව්‍යාපාර රැසක සමූහ සභාපතිවරයාද වන ඩඩ්ලි සිරිසේන තම ජනාධිපති සොයුරා සමාජ ශාලාව විවෘත කරන අවස්ථාවට කැදවාගෙන යාමට සූදානම් වුවද ඒ සදහා වාහනයට ගොඩවීමෙන් පසුව ඇති වූ බහින්බස්වීමකින් පසුව ජනාධිපතිවරයා ඊට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කර ඇත. 

ජනවාරි 8 බලයට පැමිණි පසුව නුවරඑළියේ විවෘත කළ ‘අරලිය ග‍්‍රීන් සිටි’ හෝටලය විවෘත කළේ ජනාධිපතිවරයාය. 

බහුතර බෞද්ධ ජනාවකගේ ඡන්ද ලබාගෙන පත්වීමෙන් පසුව සහෝදරයා මේ ආකාරයට රාත‍්‍රි සමාජ ශාලා විවෘත කිරීමෙන් ජනාධිපතිවරයා වශයෙන් තමන් රටට මුහුන දෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය අසමින් ජනාධිපතිවරයා විසින් සොයුරු ඩඩලිට තදින් දොස් පවරා ඇත.

ජනාධිපතිවරයා සිය වාහනයෙන් බැස ගිය පසුව සමාජ ශාලාව විවෘත කිරීමට පිටත්ව ගිය ඩඩ්ලි සිරිසේන, එම විවෘත කිරීමෙන් පසුව පැවති පි‍්‍රය සාදයේදී පැමිනි සිටි අමුත්තන් අමතමින් මෙම සිදුවීම ගැනද සදහන් කර ඇත. ‘අද උදේ මගෙත් එක්ක එන්න ඇවිත් එයා ගේමක් ඉල්ලුවා’ යනුවෙන් ඩඩ්ලි සිරිසේන ඔලොක්කුවට මෙන් පවසා තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment