නොච්චියාගම දිසා වෛද්‍ය නිළධාරී පොදුජන පෙරමුණු වේදිකාවේ

නොච්චියාගම දිසා වෛද්‍ය නිළධාරී පොදුජන පෙරමුණු වේදිකාවේ
චින්තක රුවන් රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ ප්‍රබල සාමාජිකයෙකි.
 
නොච්චියාගම දිසා වෛද්‍ය නිළධාරී චින්තක රුවන් විජේවර්ධන මහතා පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමකට සහභාගි වී ඇති අතර ඔහු එම රැස්වීම අමතා ඇති බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරීවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අතර වෛද්‍යවරයා විසින් රැස්වීමට ඇමතීමට අදාල වීඩියො දර්ශන හා ඡායාරූප ද තේරීම් භාර නිළධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
 
මෙම පැමිණිල්ල තේරීම් භාර නිළධාරීවරයා විසින් පළාත් සෞඛ්‍ය ලේකම්වරයා හරහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.
 
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දිගින් දිගටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර හිටපු ජනාධිපතිවරයා යළි බලයට ගෙන ඒම සඳහා රට තුළ විවිධ ගැටලු නිර්මාණය කරමින් සිටී. පසුගිය කාලසීමාවේදී ඇති වූ සයිටම් අර්බුදය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත්කිරීම ඇතුළු ගැටලුවලදී දෙපාර්ශ්වය එක්ව කටයුතු කළ අතර දැන් එම සංගමයේ වෛද්‍යවරුන් සෘජුවම පොදුජන පෙරමුණේ මැතිවරණ කටයුතුවලට සහාය දක්වමින් සිටී.
 
රජයේ තනතුරු දරන පුද්ගලයන් දේශපාලන පක්ෂවලට සෘජුවම සහයෝගය දැක්වීම තහනම් වන අතර ඒ අනුව ඔහුට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment