පිටකොටුව පොලිසියේදී තරුණයකු මියයාම ගැන මානව හිමිකම් විමර්ශනයක්

පිටකොටුව පොලිසියේදී තරුණයකු මියයාම ගැන මානව හිමිකම් විමර්ශනයක්

 

පොලිස් අත් අඩංගුවේ පසුවන පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් ස්වාධීන යාන්ත්‍රණයක් යටතේ පරීක්ෂණ සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බව එම කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.

පසුගිය 11 වනදා අළුයම පිටකොටුව පොලිස් ස්ථානයේ සිරමැදිරියක් තුළ තරුණයකු ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කර තිබිණි. මෙසේ මියගොස් තිබුණේ පසුතලේ කිරිමානගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි. ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහුව ඊට පෙරදා රාත්‍රියේදී පිටකොටුව බැස්ටියන් මාවත ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පිටකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාව මඩකළපුව පොලිස් ස්ථානයට මාරුකර යවා තිබෙන අතර තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment