දකුණු අධිවේගයේදී රථයේ ටයරය කැපුණැයි ව්‍යපාරිකයෙකු RDA ට නඩු දාලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබූ ගලකට තම සුඛෝපභෝගී මෝටර් රථයේ ටයරය කැපී ගියේ යැයි පවසමින් ඊට සාධාරණ වන්දි මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියෙන් අය කර දෙන ලෙස මහරගම නිලම්මහර තාප්පවත්ත පාර පදිංචි ව්‍යාපාරිකයකු වන අතුල දීප්ති කුමාර අබේවර්ධන මහතා ඊයේ (24දා) බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළේය. පෙරේදා (24දා) තමා කොට්ටාව විසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුව මාතර දෙසට ධාවනය කරමින් සිටියදී මෝටර් රථයේ ඉදිරිපස වම් රෝදයේ එකවරම හුළං ගිය බවත් තමන් මෝටර්
රථය මාර්ගයේ නවතා පරීක්ෂා කිරීමේදී අධිවේගී මාර්ගයේ කළු ගලක් තිබෙනු දුටු බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

පසුව තමා මෝටර් රථය මාර්ගයේ අයිනකට රැගෙන 1969 දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලන මැදිරිය අමතා සිදු වූ ඇබැද්දිය පවසා සිටි බව ව්‍යපාරිකයා කළ පැමිණිල්ලේ සඳහන් වේ. එම පැමිණිල්ල කිරීම සඳහා ගලකට කැපුණු බව පවසන ටයරයද පොලිසියට ඉදිරිපත් කර තිබිණි. පැය දෙකහමාරකට ආසන්න කාලයක්  එම ස්ථානයේ රැදී සිටියදී ආපදා රථය පැමිණ මෝටර් රථය පටවා ගෙන කුරුඳුගහ හැතැප්ම පිසුම තෙක් ගොස් ඒ වෙනුවෙන් අය කරන රුපියල් දෙදහස් පන්සියයක මුදලක් ටිකට් පතට අයවිය යුතු රුපියල් දෙසිය පනහක මුදලක් අය කර ගත් බවත් තමන්ට ටයරයක් මිලදී ගැනීම සඳහා රුපියල් දොළොස් දහස් පන්සියයක මුදලක් වැය වූ බවට වූ සටහන්ද සිය පැමිණිල්ල සමඟ ව්‍යාපාරිකයා පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳ අතුල අබේසිරිවර්ධන මහතා මෙසේ පැවසීය.

 මම කුරුඳුගහහැතැප්ම කාර්යාලයේ නිලධාකුගෙන් ඇහුවා මගේ වැරැද්දකින් නෙවෙයි මෝටර් රථයේ ටයරය ගලකට කැපුණේ මාර්ගය නිසි අයුරින් නඩත්තු නොකිරීම නිසා නේද කියලා. ඔහු මට දුන් උපදෙස් මත බණ්ඩාරගම ගැලනිගම කාර්යාලයට මම ඊයේ (24දා) ඇවිත් මට වූ අසාධාරණය ගැන කිව්වහම, එහි නිලධාරී මහත්තයෙක් කිව්වා මෙවැනි දේවල්වලට වන්දි මුදල් දීම සම්බන්ධයෙන් ක්‍රමවේදයක් හදලා නැහැ කියලා. ඒ පාර මම ඔහුගෙන් ඇහුවා අපේ අතින් අනතුරක් වෙලා අධිවේගී මාර්ගයේ දේපළවලට අලාභ හානි වුණත් අය කර ගන්න ක්‍රමවේද විතරද හදලා තියෙන්නේ කියලා.

ඔහුට මට දෙන්න පිළිතුරක් නැහැ. පසුව මට ඔහු දුන්නා දක්ෂිණ අධිවේගය භාර උසස් නිලධාරියකුගේ නමක් ඔහු අමතා මෙසේ කීවා. "මම සල්ලි ගෙවලයි අධිවේගී මාර්ගයේ ගමන් කරන්නේ. ඔය ටයරය කැපුණු වෙලාවේ

මගේ මෝටර් රථය වෙනත් රථයක ගැටිලා මගේ ජීවිතයට හෝ එම පුද්ගලයාගේ ජීවිතයට අනතුරක් වුණ නම් කවුද වගකියන්නේ. "මම වෙන්න ගිය විශාල අනතුරක් වළක්වා ගත්තා. අන්තිමට වුණේ මට අතින් ගෙවන්නයි. මම මේකට නීතියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙනවා." දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා දුන් පිළිතුර මෙසේය.

"මෙවැනි ටයර් පිපිරිම් සිද්ධීන් මාසයකට විස්සකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. අපිට එක පාරටම කියන්න බැහැ මෙම අයගේ මෝටර් රථයේ ටයරය ගලකට කැපුණ කියලා. ඒ වගේම ප්‍රකාශ කළ පමණින් අපිට හැකියාවක් නැහැ පිළිගන්න ඒ වගේම තීරණ ගන්න.''  ඔහු මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කළා කියලා දැන ගන්න ලැබුණා. පරීක්ෂණවලින් හෙළි වන තොරතුරු අනුව මෙන්ම ඔහු අපට ඒ පිළබඳ  ලිඛිතව ඉදිරිපත් කිරීමක් කළොත් අපි සලකා බලනවා."

එම්.සී.පෙරේරා-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment