මාතර බෙලිඅත්ත පළමු දුම්රිය ගමන මහින්ද ලෝලීන් කඩාකප්පල් කරලා

https://www.gossiplankanews.com/2019/01/arjuna-matara-beliatta-train-incident.html
දිකිරීම අවසන්වූ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ගමන අද උදෑසන සිදු කරන්නට කටයුතු යොදා තිබුන අතර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මාතර දක්වා දුම්රියෙන් ගමනක් සිදු කර නිරීක්ෂණය කරන්නට බෙලිඅත්තට ගොස් තිබුණි.
මේ වෙනුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටියදී
අමාත්‍ය අර්ජුන වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සහය පළ කරන ආධාරකරුවන් පිරිසක් විරුද්ධත්වය පළ කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ මෙය මහින්ද රාජපක්ෂ ඉදිකරන ලද්දක් බැවින් ඇමතිවරයාට විවෘත කිරීම උචිත නොවන බවයි.

එම අවස්ථාවේ ගමන් කරන්නට නියමිත නිරීක්ෂණ චාරිකා

දුම්රියේ මහින්ද රාජපක්ෂගේ ඡායාරූප සහ බැනර් සවි කර තිබූ අතර විරෝධතාකරුවන් එහි ඇමති අර්ජුනට ගමන් කිරීම අවහිර කරන ලදි.

විරෝධතා පුවරු රැගෙන ඇමතිවරයා සමීපයට විත් කෑකෝගසමින් ඔවුන් විරෝධය පළ කරන ලද්දේ
මහින්ද හදපුවායින් ලකුණු ලබාගන්නට අහක සිටින ඇමතිවරුන් උත්සාහ කරන්නට එපා යනුවෙනි.

කෙසේ වෙතත් කලබලය තුළ එයට එරෙහිව කිසිවක් නොකරන්නට ඇමතිවරයා පියවර ගෙන තිබේ . විරෝධතාව මාධ්‍යයේ අවධානයටද යොමුවූ අතර අමාත්‍යවරයා මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමද ප්‍රතික්ෂේප කරමින් එතැනින් පිටව ගොස් ඇත.

අද පෙරවරු 10.00 බෙලිඅත්ත සිට මාතර දක්වා අදාළ දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබුණද ඒ අනුව එය සිදු වූයේ නැත.
ඇමතිවරයා යද්දී මහින්ද ලෝලීන් පිරිස හූ හඩ නගා සංතෝෂය පළ කර ඇත.

මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් අදියර තුනක් යටතේ සිදුවන අතර පළමු අදියර  ලෙස කිලෝමීටර් 26 ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස මෙලෙස අද විවෘත කරන්නට නියමිතව තිබුණි.

 බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාත් හම්බන්තොට සිට කතරගම ද දක්වාත් ඉතිරි කොටස් ඉදිරියේදී අවසන් කිරීමට නියමිතය.
ලංකාවේ දිගම දුම්රිය උමග ද මීටර් 615 කින් කැකණදුර පිහිටා ඇත්තේ මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේයි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment