චන්ඩ මැතිව් 264 ක් බිළි ගනියි…

මැතිව් චන්ඩමාරුතය හමා ආ කැරිබියානු හයිටි දිවයිනේ ජීවිත හානි සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගොස් තිබේ.

පැයට කිලෝමීටර් 230 ඉක්මවූ වේගයෙන් හැමූ සුළි සුළග හේතුවෙන් හයිටි දිවයිනේ නිවාස 30,000 ක් පමණ මුළුමනින්ම පාහේ විනාශයට පත්වී ඇති බව සදහන්.


වැඩි වශයෙන් හානියට ලක්ව ඇත්තේ එහි ධීවර ගම්මානවල ප්‍රජාවයි. දශක ගණනාවකින් කැරිබියානු කලාපයට හැමූ ප්‍රබලතම චන්ඩමාරුතය වන මැතිව්, හයිටි සහ කියුබාව පසුකරමින් බහාමාස් දිවයිනට යොමුවී ඇති අතර, ඉන් පසුව ඇමරිකාවේ – මයාමි වෙරළට ගමන් කරනු ඇති.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment