මඟුල් ගෙදරදි 6 හැවිරිදි දරුවාට අරක්කු පෙවූ කලු මාමා සොයා පරීක්ෂණ

පළමු වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 6ක පිරිමි ළමයකුට අසල්වැසි නිවසක පැවැති මඟුල් උත්සවයකදී බලහත්කාරයෙන් අරක්කු පොවා ඇති බවට දරුවාගේ මව ඉකුත් 11 වැනිදා රාත්‍රියේ පැමිණිලි කළ බව අම්බලන්තොට පොලිසිය කියයි.
දරුවා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වෛද්‍ය පරික්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.

අම්බලන්තොට මොදරපිළිවෙල ප්‍රදේශයේ නිවසක පැවැති මගුල් උත්සවයක් පැවති නිවසට යාබද නිවසේ සෙල්ලම් කිරීමට ගිය දරුවා ඇඟ
සේදිමට පියා දරුවා සමග ගොස් ඇඟ සෝදන
අවස්ථාවේ ද දරුවාගේ කටින් මත්පැන් ගඳ වහනය වූ හෙයින් දරුවාගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටීමේදී  අලිමොටේ ගෙදර මගුල් ගෙදරකදී කළු මාමා කෙනෙක් මොනවාද පෙව්වා  යනුවෙන් දරුවා කියූ බව  දරුවාගේ මව වන එරංග චතුමාලී (23) පොලිසිය වෙත කරනු ලැබු පැමිණිල්ලේ සඳහන් වේ.

මව්පියන් නොමැතිව මෙවැනි වයසක පසුවෙන දරුවකු තනිවම මගුල්  ගෙදරකට යැවීම හා දරුවන් පිළිබඳ සොයාබැලීමට මව්පියන් මෙයට වඩා වැඩියෙන් සැලකිලිමත් විය යුතු බව අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජගත් විජේගුණරත්න මහතා කීය.

 දරුවා රෝහල් ගතකර ඇති අතර ලවෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු දරුවාට මෙම ක්‍රියාව සිදු කළ පුද්ගලයා සොයා අත්අඩංගුවට ගන්නා බවද පොලිස් පරික්ෂක ජගත් විජේගුණරත්න මහතා කීය.

- සනත් ගමගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment