කියුබාව කණපිට පෙරළේ රාවුල් කස්ත්‍රෝ අස්වෙයි

කියුබා ජනාධිපති රාවුල් කස්ත්‍රෝ ධුරයෙන් ඉවත් වීම සුදානමක පසුවන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. වසර 2008 දී කියුබාවේ ජනාධිපති ධුරයටත් 2011 වසරේ කියුබාවේ පාලක පක්ෂය වන කොමියුනිස්ට්
පක්ෂයේ මහලේකම්

ධුරයටත් පත් රාවුල් කස්ත්‍රෝ නව ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙන බව පැවැසීය. ඔහු ධුරයෙන් ඉවත් වෙන්නේ ඒ අනුවය. පසුගිය වසරේදී ද තමන් මෙම 2018 වසරේදී විශ්‍රාම යන බව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළ රාවුල් කස්ත්‍රෝ ඔහු ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණවලින් පූර්ණ ප්‍රතිඵල අත්පත් කර ගැනීමට අසමත්විය. කියුබාවේ අසහාය නායකයා ලෙසින් සැලකෙන ෆිදෙල් කස්ත්‍රෝගේ අසනීප තත්ත්වය නිසා ජනාධිපති ධුරයන් ඉවත් වීමත් සමග රාවුල් කස්ත්‍රෝ බලයට පත්විය.
බලයට පත්වීමෙන් පසු හඳුන්වාදෙන ප්‍රතිසංස්කරණවලට ඔහුගේ සොහොයුරා වූ ෆිදෙල්ගෙන් විවේචන එල්ල විය. "මෙම ප්‍රතිසංස්කරණ සතුරන්ට සහන ලබාදිමක්" යැයි රාවුල් කස්ත්‍රෝගේ ප්‍රතිසංස්කරණවලට නොසතුට පළ කරමින් ෆිදෙල් කස්ත්‍රෝ පැවැසීය.
රාවුල් කස්ත්‍රෝගේ ඉවත්ව යෑමෙන් පසු නව ආණ්ඩුවක් පවත්වනු ඇතැයි ද එම ආණ්ඩුවට කියුබානු අරගලයට සටන් වැදුණු පරමිපරාවේ පිරිස් වෙනුවට නවක පිරිස් එක්වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාරිතා කර තිබිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget